එස්.ටී.එෆ්. විකී නමැති අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ලෙස පෙනීසිට පොලිසිය නොමඟ යවමින් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරිනු ලබන කියන පාතාල සාමාජිකයකු
මත්කුඩු මිලිග‍්‍රෑම් 5200 ක් සමග 21 දා ගිරිඋල්ල බස්නැවතුම පිටුපසදී අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි.

 අත්අඩංගුවට පත් සැකකරු යක්විල, බෝගමුව ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි විවාහකයකු වන අතර මොහු කාලයක් විශේෂ කාර්ය බළකායේ සේවයේ යෙදී

සිට පසුව ඉන් ඉවත්වී ඇමති ආරක්ෂක අංශයේ සේවය කර ඇති බවද පොලීසිය පවසයි. මෙම සැකකරුට 2011 වසරේ මිනීමැරුම් චෝදනාවක් හා 2015 වසරේ වෙඩි තැබීමක් සහ බෝම්බයක් ළඟ තබාගැනීම ඇතුඵ චෝදනා රැුසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ අයෙක් බව පොලිසිය කියයි. අනුරාධපුරය, කුලියාපිටිය, නාරම්මල ඇතුඵ ප‍්‍රදේශ ගණනාවකට මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින සැකකරු විශේෂ කාර්ය බළකායේ නිල හැඳුනුම්පතේ පිටපතක් පෙන්වමින් පොලිසිය මඟහැර කාලයක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බව පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවලදී අනාවරනය වී ඇත.

 ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු මත්කුඩු ජා-ඇල ප‍්‍රදේශයෙන් රැගෙන ඇවිත් බෙදාහරින බවද පොලිසිය පවසයි.

 අත්අඩංගුවට ගත් සැකකරු සමග නඩු භාණ්ඩ 21 දා නාරම්මල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.