https://www.gossiplankanews.com/2019/08/28-6-kanjipani-imran-sentenced.html
ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් පාතාලයේ කුඩු ජාවාරම්කරුවෙකු, මුස්ලිම් කුඩු ජාලයේ ජාත්‍යන්තර අතරමැදියෙකු හා මංකොල්ල ඝාතන මෙහෙයවන්නෙකු ලෙස ප්‍රකටව සිටින්නෙකි. ඔහු කළ නොයෙකුත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා පවතින නමුත් ඔහු නීතියේ රැහැනින් මිදී කාලයක් තිස්සේ
කටයුතු කළේය. මේ අතර අද වාර්තාවූයේ ඔහුට අධිකරණය බරපතළ වැඩ සහිතව වසර 6ක සිරදඬුවම් නියමකර ඇති බවයි.එසේ දඬුවම් නියම වී ඇත්තේ ගංජා කිලෝ ග්‍රෑම් 5.3 ක් ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ වරදකටයි.
ඔහු සම්බන්ධයෙන් වාර්තාවූ කරුණු වලට සාප්කේෂව මෙය සුළු ප්‍රමාණයේ වරදක් වුවත් ඔහු කලකට බන්ධනාගාරයේ කාලය ගතකරමින් සිටිනු ඇත.

කංජිපානි ඉම්රාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ

අධිචෝදනා ගොනු කළ අතර ,විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබී ය.

එහිදී කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා කියා සිටියේ , තම සේවා දායකය මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවයි.

ඒ අනුව එක් චෝදනාවකට වසර 03 බැගින් වසර 06 ක බරපතළ වැඩසහිත සිර දඬුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.

කංජිපානි ඉම්රාන් නමැත්තාට මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම හා මත්කුඩු ජාවාරම් සම්බන්ධ විවිධ අධිකරණවල තව නඩු 27 ක් පමණ පවතින අතර ඒවා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවේ.ඔහු සිරගතව සිටින කාලයේ ඒවාටද පෙනී සිටිනු ඇති බවත් ඔහු ඒවායේ වරදකරු බවට පත්වුවොත් මෙම සිරදඩුවම තවත් වැඩි වනු ඇති බවත් නීති අංශ ආරංචි වලින් පැවසේ.