https://www.gossiplankanews.com/2019/08/16-28-saharan-and-clan.html#more
ප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම්ට සම්බන්ධව සිටි සැකකරුවන් සම්බන්ධ දීර්ඝ විමර්ශන මේ වනවිට සිදු කෙරෙන අතර විශේෂයෙන් හඳුනාගත් 28 දෙනෙකු හා සහරාන්ගේ දෙවැනියා බව කියන නවුෆර් මවුලවිගේ 16 වියැති පුතා සම්බන්ධයෙන්
කරන පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ අධිකරණයේදී අනාවරණය විය.
කුරුණෑගල මද්‍රසා අරාබි පාසලක ඉගෙනුම ලබමින් සිටි මොහොමඩ් නවුෆර් මොහොමඩ් අබ්දුල්ලා නමැති 16 හැවිරිදි ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු 'සහරාන්" යටතේ නුවරඑළිය පුහුණු කඳවුරේදී අවී ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලබා ඇති බවට හෙළිව ඇත.
සහරාන් ඉදිරියේ දිවුරුම් දීමක්ද සිදුකර ඇතැයි කියන මේ දරුවා ඉන්පසුව සංවිධානය විසින් "අබු හයන්" යන නම දී ඇතැයි ද ඔහු වැනිම බාල වයස්කාර දරුවන් මෙම සංවිධානයට  බදවාගෙන පුහුණුවීම් ලබාදී තිබෙන බව හෙළිව ඇත.මෙම සංවිධානයේ දෙවැනි නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි (සැකකරුගේ පියා) නමැත්තා මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

තවුහිද් ජමාද් (සවිධානයේ නායකයින් ඇතුළු ක්‍රියාකාරිත් 12 දෙනකු පසුගිය කාලයේ වරින්වර රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර ඒකකය හා අම්පාර පොලිස් නිලධාරින්

කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මම 16 හැවිරිදි ළමයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
පළාත් 9ක පිපිරවීම් සිදු කිරිමට නවුෆර් මවුලවි නමැත්තා සැලසුම් කර තිබූ බව පැවසෙන නමුත් ඔහු අත්අඩංගුවට ගැනීම නිසා එම පිපිරිම් ව්‍යර්ථ කිරිමට හැකි වූ බවද පොලිසිය කියයි.

තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන්ගේ දේශන වලට සම්බන්ධවී අවි ආයුධ පුහුණුව ලබා, අයි එස් අයි එස් සංවිධානයේ මතවාද අධ්‍යයනය කරමින් සිටි බව කියන  28 දෙනකු සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය අදාළව ඉකුත් අප්‍රේල් මස 27 වැනිදා සිට දිවයිනේ විවිධ ස්ථානවලින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ත්‍රස්ත මදන හා විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන සිටින සැකකරුවන් අතුරීන් මෙම 28 දෙනා ජාතික තවුහිද් ජම්මොත් සංවිධානයේ නායකයා සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැති ඔවුන්ගේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානවලදී අවි පුහුණුව ලබා ඇති බවත්, එහිදී අයි එස් අයි එස් යංවිධානයේ මතවාදයන් සහිත සීඩී තැටි නරඹමින් ඒවා අධ්‍යයනය කරමින් සිට ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් එම පුහුණුවීම්වල නිරත වීමෙන් අනතුරුව අයි එස් ක්‍රියාකාරීත්වයට ආදාළ යම් යම් කරුණු ඔවුන්ගේ මුහුණු පොත් ආධාරයන් අන්තර්ජාලය චත මුදාහැර ඒවා සමාජ ගත කිරීමට ද කටයුතු කර ඇත.
 මෙම සැකකරුවන්ගෙන් ඇතැම් පුද්ගලයන් ඉතාමත් කෙටි කාලයක් තුළ රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇති ආකාරය

සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවත්, ඔවුන් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් එම මුදල් උපයා ඇති ආකාරයත් හෙළි වී ඇත.

සැකකරුවන් 28 දෙනා මෙසේය.
දෙගොඩ හිඟුල පදිංචි මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රීජන්,
ඉමෝල පාර. හිඟුල පදිංචි මොහොමඩ් රාසික් මොහොමඩ් රීම්,
ඉසාවත්ත, අනුරාධපුර, බුත්තල පදිංචි අයිදාස් නිජාබ්දින් මොහොමඩ් යසිදි නොහොත් සංහිදි,
වැලිමංඩ පදිංචි පාවුල් හමිඩ් හිස්බුල්ලා, දවුලගල පාර, පේරාදෙණිය පදිංචි මොහොමඩ් මුත්තාර් රසාල්,
කැකුණගොල්ල, කටුපොත පදිංචි මොහොමඩ් සිරාත් මොහොමඩ් නයා,
මාබෝල වත්තල පදිංචි මොහාමඩ් සුහයිර් මොහොමඩ් රීන් නොහොත් "තුංපන්නේ රිස්වාන්".
 මිද්දෙනිය පාර, දිප්පිටිය, අරනායක පදිංචි මොහාමඩ් තාජුඩීන් අසිෆ් අහමඩ්,
රෝයල් ගාඩන්, රාජගිරීය පදිංචි මුල්වීන් හුසේ මොහාමඩ්.
දර්ගා නගර්, අලුත්ගම පදිංචි මොහොමඩ් බෂීර් මොහොමඩ් සහාත් නොහොත් පළාන්,
නයිවල මානැල්ල පදිංචි මොහොමඩ් අත්කාර්
මොහොමඩ් රීයාස්, මඩපොල පදිංචි රාගෝපාල් මුදියන්ස්ලාගේ ඉස්මයිල් මොහොමලු තයිර,
කොච්චිකඩේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් හිල්මි,
දර්ගා නගර් අලුත්ගම පදිංචි එම්.ඒ. මොහොමඩ් ආදිල්,
අඹගහහන්දිය ගොතටුව පදිංචි මොහොමඩ් බිරිෂාම් හුලග්න අෂ්රාෆ්,
සාරීක්කමුල්ල, පානදුර පදිංචි ඒ.ඒ. රාම්,
දෙහිවල පදිංචි යූ. මොහොමඩ් ඉස්කොල්
මට්ටක්කුලිය කොළඹ 15 පදිංචි මොහොමඩ් ඉතිහාර් මොහොමඩ් ඉන්කාමී,
ගල්වල පාර,දෙහිවල පදිංචි එම්.ඒ. හක්කම්,
ගල්වල පාර, දෙහිවල පදිංචි මොහොමඩ් ඉමාඩ් ඉමිතිහාමි පාකිස්,
ගල්වල පාර, දෙහිවල පදිංචි මොහොමඩ් ඉන්කාමී අහමඩ්,
මරදාන පාර කොළඹ 10 පදිංචි එම්. හමාස් මොහොමඩ් හෂීම්,
මාලිගාවත්ත පදිංචි එම්එ.එස්. මාළහොමඩ් හසන්,
ආනන්ද මාවත කොළඹ 10 පදිංචි එළී.ඒ. මොහොමඩ් සුචහිදී,
ආරාෆ් පාර, මරදමුන් පදිංචි එම්.එස්. හුස්ති මුබාරක්,
සද්ධර්ම මාවත මාලිගාවත්ත පදිංචි එච්. රීප්පි කාදිල් සමිරි,
දෙහිවල පාර පදිංචි එම්.ඒ. සාභීන් 
නැදිමාල දෙහිවල පදිංචි මොහොමඩ් ෆවුම් සබිකම් විගායි