ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංඝ නිකායන් ඒ ඒ භික්ෂූන්ගේ කුල අනුව වෙනස්වන්නකි. සිවුර අදින විදියේ සිට
උඩරට – පහතරට, උසස් කුල -පහත් කුල
ලෙස මෙම නිකායන් බෙදී ඇත. මල්වතු අස්ගිරි නිකායන් උසස් ලෙස ඇතැමුන් හුවා දක්වා තිබේ. අමරපුර හා රාමඤ්ඤ නිකායන් පහත් ලෙසද ඒ අය නම් කර ඇත.
මේ දක්වා අමරපුර නිකාය හා රාමඤ්ඤ නිකාය ලෙස දෙආකාරයක පැවති නිකායන් තනි නිකායක් බවට පත් කිරීම ඊයේ  සිදුවිය. මින් පසු අමරපුර-රාමඤ්ඤ සාමාග්‍රී සඝ සභාව ලෙස එය හඳුන්වනු ඇත. ඊයේ පදනම් ආයතනයේදී මීට අදාළ සම්මුතියට අත්සන් තැබිණි.
මේ එම අවස්ථාවේ ඡායාරූපයක් මේ සමග දැක්වේ.
(ඡායාරූපය -ළහිරු හර්ෂණ)