වවුනියාව කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් කෙනකු කේරළ ගංජා කිලෝග්‍රෑම් හතරහමාරක්
සමඟ යාපනයේදි යුද හමුදා බුද්ධි අංශ
නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ චාවාකච්චේරි පොලිසිය වෙත භාරදී තිබේ. ගල්ගමුවේ පදිංචි වවුනියාව නගරයට ආසන්නයේ පිහිටි පොලිස් ස්ථානයක සේවය කරන මෙම පොලිස් කොස්තාපල් පවුලේ උදවිය සමඟ යාපනයට ගිය අවස්ථාවක ව්‍යාපාරිකයකුගෙන් මෙම කේරළ ගංජා තොගය මිලට ගෙන තිබේ.

අදාළ පොලිස් කොස්තාපල් කේරළ ගංජා පාර්සලය මිලට ගන්නා අන්දම හා එය ගෙන යන අන්දම දුටු යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් ඔහු පසුපස පැමිණ අත්අඩංගුවට ගෙන චාවාකච්චේරි පොලිසියට භාරදී තිබේ. සැකකරු චාවාකච්චේරි මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට චාවාකච්චේරි පොලිසිය පියවර ගෙන තිබේ.

-රසාදි චතුරංගී ගමගේ-