මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මුස්ලිම්
මන්ත්‍රිවරුන්ගේ එකඟතාව
ලැබී ඇති නමුත් මුස්ලිම් ආගමික නායකයන්ගේ එකඟතාච ලැබී නැති බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.ඩී.ඒ. හලීම් මහතා සඳහන් කරයි.  'මම මුස්ලිම් ආගමික කටයුතු භාර අමාත්‍යවරයා වුණත් මේ කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්න මට පුළුවන්කමක් නෑ.

අපේ පාර්ලිමේත්තු මන්ත්‍රිවරු මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කරන එකඟ වුවත් මුස්ලිම් ආගමික නායකයන් ඒ සම්බන්ධයෙන් වෙනස් මතවාදයක් ඉදිරිපත් කරනවා. මේ අතර මුස්ලිම් කාන්තාවන්ගෙත් මතයක් තිබෙනවා. මේ සියලු මතවාද පිළිබඳ නැවත සාකච්ඡා කරලා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීමේ පනත අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල  මහත්මිය සමඟ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉරීපත් කරන බව මුස්ලිම්  ආගමික කටයුතු අමාත්‍ය හලීම් මහතා මාධ්‍යයට සඳහන් කළේය.

-ජයසුරිය උඩුකුඹුර-