https://www.gossiplankanews.com/2019/07/umpires-made-error-judgement-overthrows-simon-taufel.html#more
පෙරේදා අවසන්වූ ක්‍රිකට් ලෝක කුසලානයේ එංගලන්ත ඉනිමේ අවසන් පන්දු ඕවරයේ ලබාදුන් වැරදි විනිශ්චයක් හේතුවෙන් නවසීලන්ත ජයග්‍රහණය වැළකී තරගය සමව අවසන් වූ බවත් එම වැරදි තීන්දුව ලබාදුන් ශ්‍රී ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන එම පෙරළිය සඳහා වගකිව යුතු බවත්
කීර්තිමත් ඕස්ට්‍රෙලියානු විනිසුරු සයිමන් ටෆල් දන්වා ඇත.
5 වරක් ලෝකයේ හොඳම ක්‍රිකට් විනිසුරු සම්මානයට පාත්‍රවූ ටෆල් The Age සහ Sydney Morning Herald පුවත්පත් වෙත මෙම ප්‍රකාශය ලබාදී ඇති අතර ඒ අනුව ලෝක කුසලානයේ නිසි හිමිකරුවන් එංගලන්තය නොවන බවට මේ වනවිට විදේශ මාධ්‍ය ගණනාවක වාර්තා පළ වී ඇත.


මෙම තීන්දු ලබාදීම සිදුවන්නේ එංගලන්ත අවසන් ඕවරයේ 4 වන පන්දුවේදීය. නවසීලන්ත ලකුණු ගණන අභිබවා යාමට ඒ වනවිට එංගලන්තයට ලකුණු 9 ක් අවශ්‍යව තිබූ අතර පන්දු 3 කදී එය ලබාගත යුතු විය. 4 වන පන්දුවට පහරක් ගසා

බෙන් ස්ටෝක් පළමු ලකුණ ලබාගත් පසු දෙවන ලකුණට දිවයද්දී පිටියේ ඈත සිට පන්දු රැකි ක්‍රීඩකයා කඩුල්ල වෙත පන්දුව යොමු කළත් පන්දුව වදින්නේ දිවයන බෙන් ස්ටෝක්ගේ පිත්තේය. එලෙස වැදී වේගයෙන් 4 සීමාව පසුකර පන්දුව ඇදී ගිය අතර එම අවස්ථාවේ ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන ඇඟිලි 6 ක් ඔසවා අතිරේක ලකුණු 4 හා දිවගොස් රැස්කළ ලකුණු 2 ක එකතුව සටහන් කරන ලෙස ලකුණු පුවරු ක්‍රියාකරුවන් වෙත දන්වයි.

ගැටලුව පැනනගින්නේ මෙම තීන්දුවේය. පන්දුව 4 සීමාව වෙත ඇදී යන්නේ ස්ටෝක්ගේ පිත්තේ වැදී වීමත් ඒ වනවිට ස්ටෝක් දිවගොස් රැස්කර සිටියේ එක් ලකුණක් පමණක් වීමත් නිසා 2 වැනි ලකුණක් එතැන නැති බවත් සටහන් විය යුත්තේ 5 බවත්  අයීසීසී නීති පොත අනුව ඕස්ට්‍රෙලියානු විනිසුරු සයිමන් ටෆල් පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන නීති අංක Law 19.8 මෙසේ දක්වා ඇත.

"If the boundary results from an overthrow or from the wilful act of a fielder, the runs scored shall be

any runs for penalties awarded to either side, and the allowance for the boundary, and the runs completed by the batsmen, together with the run in progress if they had already crossed at the instant of the throw or act."

කෙසේ වෙතත් මෙයට පටහැණිව තර්ක කරන ඇතැම් අය පවසන්නේ ධර්මසේනට වැරදී නැති බවත් 4 සීමාව පසුකරන විට ස්ටෝක් 2 වැනි ලකුණ සම්පූර්ණ කිරීම නිසා එම ලකුණද එකතුව 6 නිවැරදි බවයි.
 ඊට පසු පන්දු 2 දී එංගලන්තය රැස් කළේ ලකුණු 2 කි. මේ නිසා ලකුණු සම විය.මෙම එක ලකුණේ අඩුව සටහන් වූයේ නම් සමවීමක් සිදු නොවන බවත් නවසීලන්තයට ජය හිමිවිය යුතු බවත් සයිමන් ටෆල් ගේ තර්කයයි.
අවසන් තරගයේ ලකුණු සමවීමෙන් පසු සුපිරි ඕවරයක් වෙනුවෙන් දෙපිළම තරග කළ අතර එහිදී දෙපිළම 15 බැගින් රැස් කිරීම නිසා නැවත සම විය. අනතුරුව තෙවැනි නීතිය ක්‍රියාත්මක කර තරගයේ වැඩිම 4 පහර 6 පහර ලබාගත් පිල ලෙස එංගලන්තයට ලෝක කුසලාන ජය හිමි විය.මෙහිදී නවසීලන්තය අවාසනාවන්ත වූ බව බොහෝ අයගේ මතය විය.

සයිමන් ටෆල් විනිසුරු මෙම කරුනු දැක්වීම සිදු කළත් කුමාර් ධර්මසේනගේ තීන්දුව සම්බන්ධයෙන් මේ දක්වා අයිසීසීය ප්‍රතිචාර දක්වා නැත.
ආන්දෝලනයට ලක්වූ තීන්දුව දුන් පන්දුවේ වීඩියෝව පහතින්