https://www.gossiplankanews.com/2019/07/sri-lanka-semi-final-ganga-meniyo.html
නිමාවට පත්ව තිබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල් වටයේ තරග පැවැත්වෙන අතරතුර ලංකාව අර්ධ අවසන් වටයට තේරේද නොතේරේද යන දෙගිඩියාව පැවති අතර
ගංගා මෑණියෝ නමින්

ප්‍රකටව සිටින හාස්කම් වැඩ සිදු කරනා බව කියන කාත්තාව යූටියුබ් වීඩියෝවක පෙනී සිටිමින් සඳහන් කළේ ලෝක කුසලාන අවසන් 4 දෙනා වෙත යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ශක්තිය තමාට සැපයිය හැකි බවයි.
ඒ නිසා ක්‍රිකට් බලධාරියෙකු වේ නම් ඇයව අමතන ලෙස එම වීඩියෝවෙන් ඇය ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඇයව සම්බන්ධ කරගත් බවක් වාර්තා නොවූ අතරම ඇය ඉඟි කළ අවසන් හතරේ කතාවද සඵල වූයේ නැත. ඇය සිය ඉල්ලීම ඉදිරිපත් කළ හැටි පහතින් දැක්වේ.