https://www.gossiplankanews.com/2019/07/sajith-wife-jalani-premadasa-statement.html
යේ 13 හැටන්හි පැවති උත්සවයකදී නිවාස ඇමති සජිත්ගේ බිරිය ජලනි ප්‍රේමදාස සිදු කළ කථාවක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්වූ අවස්ථාවේ
මෙම කතාව ඇය ඉදිරිපත් කර තිබුණි.
එහිදී ඇය මෙසේ කියා සිටින්නීය.


'ඔබ ඉදිරියට අද ඇවිල්ලා සිටින්නේ.. ඔබ ආදරය කරන ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තියන.. අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ අනාගතය පිළිබඳ ඔබ සියලු දෙනාට අති විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමට පමණක් සිමා නොවෙච්චි. කොළඹට පමණක් සීමා නොවෙච්ච.. මහජනතාවක් සමග එකතු වෙලා සිටින නායකයෙක් හැටියට.. ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා විසඳුමක් ලබාදෙන බව මම පොරොන්දු වෙනවා.'