https://www.gossiplankanews.com/2019/07/england-won-world-cup-2019.html
එංගලන්තයේ ලොඩ්ස් පිටියේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයෙන් සත්කාරක එංගලන්ත පිල හා නවසීලන්ත පිල අතර තරගය සමව අවසන් වීම නිසා සුපිරි ඕවරයක් යවා එයද සමවී තියුණු අවසානයකින් ජයග්‍රහණය අත්කරගන්නට
එංගලන්තය සමත් වුණා.
කාසියේ වාසිය ලබා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල ලකුණු 241 ක් කඩුළු 8 කදී ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ඉනිම මුලදී ඇද වැටීමට ලක්වූවද මැද පෙළ පිතිකරුවන්ගේ දක්ෂතා නිසා යළි ඉනිම ගොඩනගාගෙන අවශ්‍ය ලකුණු  දක්වා ගමන් කළ අතර ලකුණු 15 ක් ලබාගත යුතුවූ අවසන් ඕවරයේදී කඩුළු 2 ක් දැවී එංගලන්තය ලකුණු 14 සම්පූර්ණ කර සමකරගන්නට සමත්විය. බෙන් ස්ටෝක්ස් නොදැවී ලබාගත් 84 මෙම තත්වය දක්වා තරගය ගෙන ආවේය.

නවසීලන්ත පිල වෙනුවෙන් නිකලත් (55) ලෙත්හම් (47) පිතිකරණයෙන් දක්ෂතා දක්වා තිබුණි.

ලකුණු සමවීම නිසා සුපිරි ඕවරය තුළදී වැඩි ලකුණු ගන්නා කණ්ඩායමට ජයග්‍රාහී කුසලානය ලබාදීමේ අවස්ථාව හිමි කරදී නැවත තරගය පැවැත්වුණි. එහිදී මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත පිල කිසිවෙකු නොදැවී ලකුණු 15 ක් ලබා ගත් අතර එම ඕවරය තුළ හතරේ පහර 2 ක් එල්ල විය. ස්ටොක්ස් හා බට්ලර් එම ඕවරයට මුහුණ දුණි.

නවසීලක්ත පිලට ලැබුණ පිළිතුරු ඕවරයේදී එම ඉලක්කය සපුරාගන්නට බැරිව ගියේය. අවසාන පන්දුවට ලකුණු 2 ක් ගන්නට තිබුණත්  එක ලකුණකදී දුවද්දී දැවීයාමකට හසුවිය. ඒ අනුව සුපිරි ඔ්වරයද සම විය. තරග නීති අනුව ඊළඟට සලකා බැලූයේ වැඩිම 4 පහර 6 පහර ගැසූ කණ්ඩායමයි
නවසිලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් එල්ල කළ අතර එංගලන්ත පිතිකරුවන් සිය ඉණිම තුලදී හතරේ පහරවල් 22ක් සහ හයේ පහරවල් 2ක් එල්ල කර තිබුනා.
ඒ අනුව සමවූ සුපිරි ඕවර තරගයේ වැඩිම 4 පහර ගැසූ එංගලන්තයට ජය හිමි විය.
ඒ අනුව සත්කාරක එංගලන්ත පිල මෙවර ලෝක කුසලානයට උරුමකම් කියන ලදි.බෙන් ස්ටොක්ස්  අවසන් තරගයේ වීරයා විය.නවසීලන්තයේ කේන් විළියම්සන් තරගාවලියේ වීරයා විය.

ක්‍රිකට් ලොවට හඳුන්වාදුන් එංගලන්තය ලෝක කුසලානයක් ජයගත්තේ ප්‍රථම වරටය.