https://www.gossiplankanews.com/2019/07/lonly-planet-sri-lanka.html
සුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන අවස්ථාවට පෙර 2018 අගදී වර්ෂ 2019 සඳහා ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව නම් කර තිබූ හොඳම සංචාරක රට වූයේ ශ්‍රී ලංකාවයි. දෙවැනි තැන ජර්මනියටත් තෙවැනි තැන සිම්බාබ්වේටත් සිව්වන තැන පැනමාවටත් ඔවුන් දක්වා තිබුණි.
එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට
මහඟු අවස්ථාවක් විය. පාස්කු ප්‍රහාරයට ගොදුරුවූ ලෝකයේ ප්‍රකට පුද්ගලයින් ගැන පවා අසන්නට ලැබුණ අතර එවැනි අය සංචාරය සඳහා ලංකාවට එන්නට වක්‍ර හේතුවක් වන්නට ඇත්තේද මෙම ප්‍රචාරණයයි.
ලෝකයේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතන ලෝන්ලි ප්ලැනට් මගපෙන්වීම අනුව විවිධ වැඩසටහන්

සංවිධානය කරන අතර ලංකාවේ සිරි නැරඹීමට විශාල වශයෙන් අලුත් පැකේජ පවා හඳුන්වා දී තිබුණි. නමුත් අවාසනාවට පාස්කු ප්‍රහාරය සමග විවිධ රටවලින් ලංකාවේ ගමන පිළිබඳ අනතුරු ඇඟවීම් කළ නිසා සැලසුම් කළ සංචාරක වැඩසටහන් මෙන්ම ඉදිරියේදී මෙරටට එන්නට සිටි අය පවා පසුපසට අඩියක් තියන ලදි.
වාර්ෂිකව තෝරනු ලබන මෙම මග පෙන්වීම අනුව කලාතුරකින් සිදුවන දෙයක් ලෙස ලංකාව මුල්තැනට පත්වූ අවස්ථාවේම  මෙම කරදරයට ලක්වීම නිසා ලංකාවේ සංචාරක ගමන තරමක් අඩාල විය.
නමුත් ඊයේ වාර්තා වූයේ ලෝන්ලි ප්ලැනට් සඟරාව මේ සම්බන්ධයෙන් අලුත් ලිපියක් පළ කර ඇති බවයි. එම වෙබ් අඩවියේ ලෝන්ලි ප්ලැනට් ලේඛිකා Caterina Hrysomallis ලියා තිබෙන ලිපියකට අනුව තවමත් ලංකාව සචාරය සඳහා හොඳම රටයි.
The country has been upset, but continues to be an incredible place to visit. It still tops our Best in Travel for 2019
ඇය උපදේශයක් ලෙස එහිදී දක්වා ඇත.
එම ලිපියට අනුව පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ සංචාරක කටයුතු සියයට 186 කින් අඩාලවූ බවත් එම තත්වය ඉදිරියේදී වෙනස් වෙමින් පවතින බවත් දන්වා ඇත.