කොළඹ නුවර පාරේ කළගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රාඩෝ රථයකට සහ එහි ගමන්ගත් පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණි බව පැවසෙන ඩිෆෙන්ඩර් රථය ගැන තොරතුරු මේ වනවිට වාර්තාවන අතර එය

දේශපාලකයෙකුට අයත්
නොවන්නක් බව වාර්තාවී තිබේ.
CAG 0550 දරණ ප්‍රාඩෝ රථය සහ CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථයේ වර්තමාන හිමිකරු ප්‍රකට ගණිත දේශකයෙකු බව මේ වනවිට අනාවරණය වී ඇත.
ගණිත දේශකයා කිසිදු දේශපාලන බලයකින් තොරව සිය මූල්‍ය හැකියාව මත මෙම පෞද්ගලික ප්‍රභූ ආරක්ෂක කල්ලිය නඩත්තු කරමින් සිටින බවත් ඊට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයක් තිබී නැති බවත් වාර්තාවේ. මේ අකාරයට පසුගමන් රථයක් ද ඔහු භාවිත කරන බව වාර්තාවේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු ප්‍රභූ ආරක්ෂාව සඳහා සිටින පොලිසියේ හෝ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් මෙවැනි අමනෝඥ ලෙස හැසිරීමෙන් වැලකීම සදහා දැඩි ස්වයං විනයකින් ක්‍රියා කරන බවත්, දේශපාලකයින්ද පසුගිය සමයේ එල්ල වූ මහජන විරෝධයන් හමුවේ ප්‍රභූ ආරක්ෂකයින්ගේ ආවේගශීලී හැසිරීම් පාලනය කරගැනීම සදහා ඔවුන්ට පෞද්ගලිකවම උපදෙස් ලබාදෙන බවත් වාර්තා වනවා.