ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපළ ඉදිකිරීමේ මුල් ගල තැබීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.

ලබන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව දන්වා ඇත.
යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි. ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ
අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන මහතා පවසන්නේ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කෙරන බවයි. ඒ සමඟම ආසන 72ට අඩු Bombardier - 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ. ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී සිදු කෙරෙන්නේ එම ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ආස්ථරණය කිරීමයි.