යාපනය කොළඹ පුද්ගලික බස් රථයක රියදුරු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් වාර්තාවේ.

පසුගිය 05 වන දින කොටහේන
පොලිස් වසමේදී යාපනය කොළඹ පුද්ගලික බස් රථයක රියදුරු පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කර තිබෙන අතර
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු 07 වන දින සවස 5.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සන්තකයේ තිබී පැහැර ගැනීමට උපයෝගී කරගත් ත්‍රි රෝද රථය සහ තවත් ත්‍රි රෝද රථයක් සහ කප්පම් ලබා ගැනීමට උපයෝගී කරගත් දුරකථනය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 01.. මොහොමඩ් නුරත් මොහොමඩ් ජලාඪින්- අවුරුදු 32 - උද්‍යාන මාවත, නව
කොළොන්නාව. 02... මොහොමඩ් අබුබකර් අබ්දුල් රහුමාන්. අවුරුදු 31- මිරානියා වීදිය, කොළඹ 12.
ලෙස හඳුනාගෙන ඇත.
සැකකරුවන් 08 වන අද දින අලුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය
වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.