පාසලකට යන පියෙකුට පවා හමුදාව විසින් වෙඩි තබා මරා දමන්නේ යැයි මහින්ද රාජපක්ෂ
මහතා විසින් 
සඳහන් කර සිටියේය.

“දරුවෙක් ලෙඩ වුණාම තාත්තා කෙනෙකුට පාසලකට යන්න බැරි තත්වයක් තියෙනවා. තාත්තට වෙඩි තියලා මරනවා හමුදාවෙන්. තමන්ගේ දරුවා අසනීප වෙලා, ඒ දරුවා බලන්න පාසලකට යන්න තාත්තා කෙනෙකුට අයිතියක් නැත්නම් කාටද අයිතිය තියෙන්නෙ ? ඉතිං මෙවැනි තත්වයක් රට තුළ නිර්මාණය වෙලා පවතිනවා” යනුවෙන් විශ්‍රාමික ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ  නුගේගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිණි.