සෑම වසරකම සම්ප්‍රදායක් ලෙස සිදු කරන වසරේ එක්දින කණ්ඩායම නම් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලය විසින් ලෝක කුසලානයෙන් අනතුරුව සඳුදා(15)
නම් කරනු ලැබූ අතර එම කණ්ඩායමේ නායකත්වය සඳහා නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක කේන් විලියම්සන් නම් කර තිබුණි.
වසරේ එක්දින තරගාවලිය සඳහා ඊයේ පැවති අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලැබූ එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුලත් වීම විශේෂත්වයකි.
වසරේ ICC එක්දින කණ්ඩායමට බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් සහ ඉන්දියානු පිලේ රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිට් බුම්රා ද නම් කර තිබෙයි.
මෙවර වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුලත් වී නැත.
එම කණ්ඩායම මෙසේය.

Kane Williamson (c) (New Zealand)
Alex Carey (wk) (Australia)
Rohit Sharma (India)
Jason Roy (England)
Joe Root (England)
Shakib Al Hasan (Bangladesh)
Ben Stokes (England)
Mitchell Starc (Australia)
Jofra Archer (England)
Lockie Ferguson (New Zealand)
Jasprit Bumrah (India)
12th man: Trent Boult (New Zealand)