2019.05.01 වන දින නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සහරාන්ගේ නුවරඑළි කඳවුරේ පුහුණුව ලැබූ පහත සැකකරු අත්අඩංගුවට
ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක්වූ රස්නායකපුර පොලිස් වසමේ අංක 216, නිකපිටිය, වංචාවල ලිපිනයේ පදිංචි රාජ් ගෝපාල් මුදියන්සේලාගේ මයිල් මොහොමඩු නසීර් යන අය වේ.
මවුලවිවරයෙකු වන ඉහත සැකකරු රස්නායක පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදුකල අතර මොහු මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පාල් ප්‍රදේශයේදී පුහුණුවීම් ලබා ඇති බවටද අනාවරණය වී ඇත.
සැකකරු 2012.07.08 වන ඊයේ දින වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.