ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කර ඇති බව මැතිවර කොමිෂන් සහාවේ ප්‍රකාශකයෙකු පැවසිය. පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වනවිට බෙන්තර
ඇල්පිටිය ප්‍රාදේශීය
සභාවේ මැතිවරණය ප්‍රකාශයට පත්වී තිබීම හේතුවෙන් අදාළ නව පක්ෂ පවතින තත්වය  යටතේ ලියාපදිංචි කර නොහැකි බවට දැනුම් දී තිබේ.

කිසියම් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක නව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකරන බවද එම ප්‍රකාශකයා සදහන් කළේය. මේ වනවිට මෙරට පිළිගත් දේශපාලන පක්ෂ 70ක් පමණ පවතින අතර ඉන් 6ක  ලේකම්වරුන් සම්බන්ධයෙන් පවතින ගැටලු පවතින බැවින් එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු වන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් ඔහු පැවසීය.