නීති උපාධිය හැදෑරීම සඳහා විවෘත විශ්වවිදයාලයේ ලියාපදිංචිවීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට තමා මේ දිනවල වෙහෙසෙන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා   පැවසීය.

මෙහි මූලික පියවරක් ලෙස
ලබන අගෝස්තු මාසයේදී  අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවද ඔහු  කිවේය.

තමා උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින්නේ දෙවැනි වතාවට යැයි කී රාමනායක මහතා දේශපාලන විද්‍යාව, ජනමාධ්‍ය හා ක්‍රිස්තියානි ආගම යන විෂයයන් ඒ සඳහා තෝරාගෙන ඇතැයි ද ප්‍රකාශ කළේය.

උසස් පෙළ සමත්වීම සඳහා ප්‍රවීණ  ගුරුවරුන් කිහිප දෙනකු නිවෙසට  ගෙන්වා ගෙන අධ්‍යපන කටයුතු  කරගෙන යන බවද ඔහු කීය.  විවිධ නඩු වැටුණු ඇමතිවරුන්ගේ  අංක එක තමා හෙයින් නීතිඥවරයකු වී තමාගේ නඩුවලට තමාම මුහුණදී  අධික නීතිඥ ගාස්තුවලින් ගැලවීමට සිතු  බවද රන්ජන් රාමනායක මහතා පැවසිය.


-සුජිත් හේවාජුලිගේ-