https://www.gossiplankanews.com/2019/07/kusum-peris-passed-away.html
ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස් මහත්මිය ඊයේ රාත්‍රී ජීවිතයෙන් සමුගත්තාය. කලෙක සිට පිළිකා රෝග තත්වයෙන් පීඩා විඳි ඇය මියයන විට 71 වන වියේ පසු විය.
ගුවන් විදුලි නිවේදිකාවක් ගිත රාචිකාවියක් සහ
හඬ කැවීම් ශිල්පිණියක් වු කුසුම් පීරිස් මහත්මිය 70 දශකයේ

ගුවන් විදුලියට සම්බන්ධවී ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දීර්ඝ කාලීන සේවයෙන් අනතුරුව විශ්‍රාම සුවයෙන් සිටියාය. වැඩසටහන් ඉදිරිපත් කිරීම, නිෂ්පාදනය,නාට්‍ය සඳහා හඬ කැවීම් ආදී කටයුතු රැසක ඇය නිරත විය. ඇගේ ළගන්නාසුලු කටහඩ එක්තරා කලෙක දිවයිනේ ප්‍රසිද්ධ වෙසක් තොරණ විස්තර සඳහා නැතිවම බැරි විය.

අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, සිතුවිලි සිරවී හදවත පතුලේ , ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් රචනා කර ඇත්තේ ඇයයි.

සිරස,හිරු ගුවන්විදුලි නාලිකාවන්හි ආරම්භක නිවේදිකා තමාලි පීරිස් යනු කුසුම් පීරිස් මහත්මියගේ දියණියකි.

ඇගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බව පවුලේ ඥාතීන් දන්වා තිබේ.