2019 ජුලිමස 22 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
දිවයින හරහා සහ දිවයින වටා
මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ජුලි මස 24 දින සිට බලාපොරොත්තුවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලවිටින් විට වැසිඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇතිවිය හැක.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)පමණ දක්වාවන තරමක තද සුළං ඇති විය හැක.
----------------

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

2019 ජුලිමස 22 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ජුලි මස 24 දින සිට බලාපොරොත්තුවේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිටනිරිත දක්වා වන දිශාවලින් හමා යයි.

පුත්තලම සිටකොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර මෙම මුහුදු ප්‍රදේශ වලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර මෙම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.