https://www.gossiplankanews.com/2019/07/kalagedihena-thugs-update.html
ලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ
සිද්ධිය පසුගිය සතියේ අන්තර්ජාලය තුළ ආන්දෝලනයක් ඇති කළා. මෙම ගැටුම සම්බන්ධ වීඩියෝවක් පළවීම නිසා
ඒ ගැන පරීක්ෂණ වලට සාක්ෂි ලැබුණ අතර මුල සිටම බොහෝ අයට කුතුහලයක් වූයේ මෙම ගැටුමට සම්බන්ධ ප්‍රභූ වෙස්ගත් පුද්ගලයින් කවුරුන්ද යන්නයි.
වෑන් රථයට පහරදීමෙන් පසු එම පිරිස, CAG - 0550 හා CAD  - 8850 අංක දරණෙ රථවලින් පලාගොස් තිබු අතර අදාල අංක හිමි ජිප්

රථවල හිමිකාරිත්වය විමසීමේදී අනාවරණ වුණේ CAG - 0550 අංකය දරණ ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථයේ අංක 37,
ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවත් CAD - 8850 අංකය දරණ ඩිෆෙන්ඩර් රථය අංක 34, ගාල්ලේගම,ඉංගිරිය ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංගට අයත් බවයි.
ලෑන්ඩ් කෘසර් හිමිකරු දිනේෂ් නුවන් අමරතුංග වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන බවත්, නීතිඥවරයෙකු සහ ගණිතඥයෙකු මෙන්ම නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදී සඳහා වැඩමුළු පවත්වන අයකු බව හෙළිව ඇත.
ඊයේ දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වීමෙන් පසු සිද්ධියට අදාළ දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
 අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනාගෙන් එක් අයෙක්  ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන මතුගම පදිංචි 45 හැවිරිදි ගාමිණී විජේසූරිය
නැමැත්තෙකි. අනෙක් පුද්ගලයා 32 හැවිරිදි අරලගංවිල පදිංචි සුසන්ත බණ්ඩාරයි. අද (20) දහවල් සිද්ධියට සම්බන්ධ තල්ගස්දොල පදිංචි සඳුන් පුෂ්ප කුමාර (44) නමැති අයකුද අත්අඩංගුවට පත්ව ඇත.

දැනට සිදු කරන පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් දේශපාලනයට සම්බන්ධ අය නොවන බවත් පුද්ගලිකව යොදාගත් ආරක්ෂකයින් දේශපාලක ප්‍රභූන් ආකාරයට සරසවා භාවිතයේ යොදා තිබූ බවත් අනාවරණය කරගෙන ඇත.