https://www.gossiplankanews.com/2019/07/gotabhaya-singapore.html#more
වුබිමට හැකි ඉක්මනින්ම පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැපවන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (3) ප්‍රකාශ කර ඇත. කිසිම හේතුවක් මත පසුබැසීමට සූදානම් නැති බවත් ඉදිරියේදී මතුවිය හැකි ඕනෑම අභියෝග යකට මුහුණදීමට තමා සූදානම් බවත්
ඔහු පවසා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුගේ සුවදුක් බැලීමට සිංගප්පූරුවට ඊයේ (3) ගොස් සිටියදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක්

බැලීමට සිංගප්පූරුවට ගිය පිරිසට කෙහෙළිය රඹුක්වැල්ල,
තේනුක විදානගමගේ, ප්‍රියංකර ජයරත්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරු ද ඇතුළත් වූහ.
තමාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.
ජනාධිපතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන සංවිධාන වැඩපිළිවෙළ ගැන මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට කරුණු පැහැදිලි කර ඇති ප්‍රසන්න රර්ණතුංග මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් මට්ටමින් අරඹා ඇති බවත් දැනුම් දී ඇත.
සිංගප්පුරුවේ විදේශ ඇමැතිවරයාද තමාගේ සුවදුක් විමසීමට රෝහලට පැමිණි බව ගෝඨාභය රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් පිරිසට පවසා ඇත. සිය සහෝදරයගේ ආශිර්වාදය මැද අභියෝග ජයගනිමින් ඉදිරියට යෑමට සූදානම් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සිංගප්පුරුවේ මේ දිනවල විර්වේක සුවයෙන් පසුවන ගෝඨාභය රාජපක්ෂ තව සති කිහිපයකින් දිවයිනට පැමිණීමට නියමිතය.