අද ලෝක කුසලානය යටතේ එංගලන්තය හා නවසීලන්තය අතර පැවති තරගය ඉහළින් දිනාගැනීමට සත්කාරක එංගලන්තයට හැකිවූ අතර ඒ අනුව අර්ධ අවසන් වටයට එක්වූ ඕස්ට්‍රෙලියාව හා ඉන්දියාව සමග එංගලන්තයද එක්විය.
මේ අනුව මේ දක්වා ඉහළින් වැජඹුණ නවසීලන්තය තවදුරටත් අර්ධ අවසන් වටයට යාවිද නොයාවිද යන අවිනිශ්චිතභාවයේ පසුවන අතර ඔවුන් අභිබවා යාමට එකම ඉඩ ඇත්තේ පකිස්තානයට පමණි.
අනිද්දා 5 බංග්ලාදේශය සමග පකිස්තානය පවත්වන තරගයේදී පකිස්තානය ජයගතහොත් පකිස්තානය හා නවසීලන්තය යට රටවල් 2 ම තරග 5 බැගින් ජයගැනීම, ලකුණු 11 ක් අත්කරගැනීම යන අවස්ථා දෙකින් සමාන වනු ඇති අතර ඒ අනුව අර්ධ අවසන් වටයට තෝරන්නට බලපාන තෙවැනි සුදුසුකම වූ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය බලනු ඇත.

අද නවසීලන්ත පරාජයෙන් පසු ඔවුන් 0.175 දක්වා එම අගය පහත දමාගත් අතර පකිස්තානය දැන් පසුවන්නේ −0.792 අගයේය. ඒ අනුව ක්‍රිකට් විචාරකයින් කර ඇති ගණනය අනුව 5 වනදා පවත්වන තීරණාත්මක පකිස්තාන බංග්ලාදේශ තරගයේදී පකිස්තානය ජයගත යුතු අතරම ලකුණු 270 ට වැඩි ගණනක් ලබාගත යුතුය. බොහෝ විට මුලින් පන්දුවට පහරදීමේ වරම පකිස්තානයට එහිදී හිමි වුවොත් මෙම ඉලක්කය වෙනුවෙන් වැඩ කළ හැකි වනු ඇත.
කෙසේ වෙතත් අද (3) නවසීලන්ත පරාජයෙන් පසු අදහස් දක්වා තිබෙන පකිස්තාන කණ්ඩායමේ ඉමාම් උල් හක් පවසා ඇත්තේ තමන්ට එම ඉලක්කය විශ්වාස නැති නමුත් බංග්ලාදේශය සමග හොඳ තරගයක් ලබාදෙන බවයි.
අද එංගලන්තය නවසීලන්තය පැරදූ අයුරු ලකුනු පුවරුව පහතින්