හම්බන්තොට නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (09දා) අලුයම පුද්ගලයකු ඝාතනය කර දමා ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව
ඇත්තේ හම්බන්තොට ළිඳ පාරේ පදිංචිව සිටි 45 හැවිරිදි පෙරුමාල් ගුරුඅම්මා කාලිදාස් නමැති පුද්ගලයෙකි.

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සඳහා පැමිණි ධිවරයන් පිරිසක් පෙරේදා (08දා) රාත්‍රි හම්බන්තොට ධිවර වරායට පැමිණ ඇති අතර එහිදි එම ධිවරයන් පිරිස තවත් කිහිප දෙනකුද සමග
රාත්‍රි 8.00ට පමණ ධිවර වරායේ සිට මත්පැන් පානය කර තිබේ. එහිදී ධිවරයන් දෙදෙනකු අතර බහින්බස් වීමක් හේතුවෙන් එම දෙදෙනා ඇතුළු පිරිස ඉවත්ව ගොස් තිබේ.

පසුව බහින්බස් විමෙන් කෝපයටත් එක් ධිවරයකු අනෙක් ධිවරයා ඝාතනය කිරිමට තියුණු ආයුධයක්ද අතැතිව පැමිණ හම්බන්තොට ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටින් ධීවර කටයුතුවලට ගොස් නැවත නිවෙස බලා යමින් සිටි බහින්බස් වීම සිදු වූ ධිවරයාට සමාන වෙනත් පුද්ගලයකුට සැකකාර ධිවරයා පිහියෙන් ඇන ඇති බව මූලික පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ බව කියන තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි සුදිරික්කු හැන්නදිගේ ධම්මික රොෂාන් නමැත්තා හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබිණි. සැකකරු ප්‍රශ්න කිරීම්වලින් පසු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-ඩී.එන්.ජයසේකර-