https://www.gossiplankanews.com/2019/07/akmeemana-incident-gov-reaction.html#more
ක්මීමන උපනන්ද විදුහල් බිමේදී හමුදා භටයකුගේ වෙඩි පහරින් මියගිය ප්‍රදීප් උදය කුමාර (39) මහතාගේ බිරිඳට රැකියාවක් හා දරුවන් තිදෙනාට වෙනත්  පාසල් දීමට රජය තීරණය කර ඇත.
මෙයට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වාර්තා පරික්ෂා කර බලා මෙම බිරියට යම් වන්දියක් දීමට
හැකියාවක් තිබේ දැයි සොයා බැලීමට ද තීරණය කර තිබේ.
හමුදා වෙඩි පහරින් මියගිය ප්‍රදීප් උදයකුමාර මහතාගේ බිරිඳ ටී.යු.ටී. කුමාරි (38) මහත්මිය හා දරු තිදෙනා ගාලු දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා

විසින් පාර්ලිමේන්තුවට පසුගියදා (11) කැඳවාගෙන එනු ලැබූහ.  ඔවුනට පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාත්, ආරක්ෂක  රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාත්, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාත් මුණගැස්සවූ බව මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා  පැවැසීය.

මියගිය ප්‍රදීප් කුමාර මහතාගේ දරු තිදෙනා අක්මීමන උපනන්ද විදුහලේ දහවැනි ශ්‍රේණිය. දෙවැනි ශ්‍රේණිය හා පළමු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබති.  ප්‍රදීප් උදය කුමාර මහතා හමුදා භටයකුගේ වෙඩි පහරට ලක්වුයේ අසනීප වු දරුවකු රැගෙන ඒමට එම පාසලට ගොස්  සිටියදීය.

මේ සිද්ධිය වූයේ ඉකුත් 4 වැනිදාය.  සිද්ධිය සම්බන්ධයෙන් එම හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියි. මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක්  පවත්වා වාර්තාවක් දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන  මහතාට ඊයේ උපදෙස් දී ඇත.