පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.  පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම
වඩාත් විනිවිදභාවයකින් හා
ක්‍රමවත්ව සිදුවිය යුතු ක්‍රියාවලියක් ලෙස හඳුනාගනිමින්  මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රථම  වරට 2019 වසරේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී ඉල්ලුම් කරන අවස්ථාවේදීම එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව හඳුනාගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය සලසා දී ඇත. 2019 වසරේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල් වෙත සිසුන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන ලේකම්ගේ 2008/37 චක්‍රලේඛ ප්‍රකාරව සිදුකෙරෙන අතර පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සීමාව අනුව සහ පවත්නා පුරප්පාඩු මත අදාළ ඇතුළත් කරගැනීම් සිදුකිරීමට නියමිතය.

වසරක් පාසා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීම සිදුකෙරෙන නමුත් ඉල්ලුම් කරන පාසල්වල පවත්නා පුරප්පාඩු සම්බන්ධව නිශ්චිත පූර්ව අවබෝධයක් මවුපියන්ට ලබා දීම සිදු කෙරෙනුයේ මේ වසරේ සිටය. පුරප්පාඩු සහිත පාසල් නාම ලේඛනය සහ අයදුම්පත් එවිය යුතු ආකාරය සම්බන්ධ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk දරණ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

-ෆර්හාන් නිසාම්දින්-