කොළඹ මැනිං වෙළෙදපොළ භූමිය හා කොටුව දුම්රියපොළ යාකර ශ්‍රී ලංගමයද එක්කර බහුවිධ ප්‍රවාහන
මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ
ව්‍යපෘත්තිය ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට කොළඹ පිහිටි මැනිං වෙළෙඳපොළ පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යැම සඳහා අදාළ ඉදිකිරීම් කටයුතු මේවන විට සිදු කරමින් තිබෙන අතර ඊට පසුව මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරේ.

කොළඹ මහ නගරයක් බවට පත් කිරීමේ සැලසුමට අනුව මැනිං වෙළෙඳපොළ පිහිටි භූමිය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා වෙන්කර ඇත. ප්‍රංශ ණය ආධාර මත මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරන අතර මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය භාරව කටයුතු කරනු ලැබේ.

-ශිරාන් රණසිංහ-