https://www.gossiplankanews.com/2019/07/4-1-2-icc-final.html
පුරා මාස දෙකහමාරකට ආසන්න කාලයක් එංගලන්තයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් සතිය ඉදිරියට යෙදී ඇත. මුල් වටයේ තව ඉතිරිව ඇත්තේ
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරගයත්

ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයත්ය ඒ දෙකම අද (6) පැවැත්වේ.
දැනට අර්ධ අවසන් වටයට එංගලන්තය හා නවසීලන්තය 3 හා 4 ස්ථාන ලබා තේරී සිටින නමුත් දැනට 1 හා 2 ස්ථානවල පසුවන ඕස්ට්‍රෙලියාව හා ඉන්දියාවේ ස්ථාන අද පැවැත්වෙන තරග අනුව මාරුවීමට හෝ එලෙසම රැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව පළමු තැන ලබාගන්නා රට ලබන අඟහරුවාදා නවසීලන්තය සමග මුල් අර්ධ අවසන් තරගයටත් දෙවැනි තැන ලබාගන්නා රට  ලබන බ්‍රහස්පතින්දා එංගලන්තය සමග දෙවන අර්ධ අවසන් තරගයටත් මුහුණ දෙනු ඇති අතර ඒ දෙකින් ජයගන්නා රටවල් දෙක  14 ඉරිදා පැවත්වෙන අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.