https://www.gossiplankanews.com/2019/07/3-months-katuwapitiya-blast.html#more
ලෝකයම කම්පාවට පත් කරමින් අදින් හරියටම මාස 3 කට පෙර අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවක ඇතිවූ ප්‍රහාර නිසා සිය ගණන් ජනතාව මරණයට පත්ව දහස් ගණන් තුවාල විය. අන්තවාදී ඉස්ලාම් කොටසකගේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය නිසා
විශේෂයෙන් කතෝලික ජනතාවට සිදුවූ හානිය හා සිත්වේදනාව අපරිමිතය. මෙම ප්‍රහාර වලින් වැඩිම ජීවිත බිලිගත්තේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉලක්ක කර පුපුරුවා හැරිය බෝම්බයෙනි.
 ප්‍රහාරයෙන් විනාශයට පත් වු  කටුවාපිටිය

දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙයි.
කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බවයි.
කටුවපිටියේ ශුද්ධ වු සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය ආසිරි ගැන්වීම සහ නැවත කැපකිරීමේ උතුම් මෙහෙය සහ දිව්‍ය පූජාව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ අතින් අද පෙරවරු 8.00 සිට ආරම්භ විය.
මේ සමග පළවන්නේ දේවස්ථානයේ ඊයේ (20) දක්නට ලැබුණ සූදානම් දර්ශනයි.