යාපනය මානිප්පායිහි ඊයේ (20දා) පොලීසිය සිදුකළ වෙඩි තැබීමක් ආවා කල්ලියේ සාමාජිකයෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.,

“මානිප්පායි පොලිස් වසමේ නිවාස කිහිපයකට ආවා කල්ලියේ පහරදීමක් සිදුවන බවට මාන්ප්පායි පොලීසියට  ලැබුණ තොරතුරක් මත වාහන හා පුද්ගලයන් පරීක්ෂාවට ලක්කිරීමක් සිදුවුණා.

එහිදී රාත්‍රි 8.40ට පමණ යතුරු පැදි තුනකින් පැමිණි පුද්ගලයන් 6ක් පරීක්ෂා කිරීමට ලක්කිරීමට සූදානම් වනවාත් සමගම ඒ අවස්ථාවේදී ඔවුන් අත තිබූ කඩු ඇතුළු සියුම් ආයුධවලින් පොලිස් නිලධාරීන්ට පහරදීමට සූදානම්වන අවස්ථාවේදී පොලීසියට සිදුවුණා වෙඩි තැබීමක් සිදුකිරීමට.

එහිදී එක් පුද්ගලයෙක් තුවාල ලබා පැමිණි පිරිසෙන් පස්දෙනෙකු පළා යෑමක් සිදුවෙනවා. තුවාලකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් මිය යෑමක් සිදුවෙනවා.

යාපනයේ කොඩිකාමම් හි පදිංචි අවුරුද 22ක් වන සෙල්වරත්නම් කවිගජන් නැමැති අයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැමිණි පිරිස ආවා කල්ලියේ පුද්ගලයන් බවට අණාවරණය කරගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබුණ යතුරු පැදියක් හා කඩු තුනක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.”