රියැදුරන් කරන වැරැදි සඳහා වූ සංශෝධිත දඩ මුදල අය කරගැනීම ගම්පහ  අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (02දා) සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව රිය පැදවූ රියැදුරන් තිදෙනකුට සහ රියැදුරු
බලපත්‍රයක් නොමැතිව රිය
පැදවූ රියැදුරකුට එක් අයකුට රුපියල් 25,000 බැගින් සිවු දෙනාට රුපියල් ලක්ෂයක දඩයක් ගහ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළේය.

බීමත්ව රිය පැදවීමේ චෝදනාවට වරද පිළිගත් අඹහේනවත්ත ගලහිටියාව සහ කුමාරකට්ටුව යන ප්‍රදේශවල පදිංචි සම්පත් වික්‍රමරත්න, සුසන්ත අත්තනායක, බුද්ධික රාජපක්ෂ යන තිදෙනාටත් රියැදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ යතුරුපැදිකරු වූ හොරගොල්ලේ පදිංචි එම්.ආර්. මලිත් සිල්වා යන සිවුදෙනාට මෙසේ  දඩ නියම කෙරුණි. ගණේමුල්ල පොලීසිය  දඩ නියම වූවන්ට නඩු පවරා තිබිණි.

-ටෝනි.කේ.අතුකෝරල-