අධි තාක්ෂණය සහිත උපකරණයක් යෝදාගෙන විද්‍යුත් ණය කාඩ්පම්වලින් මුදල් සොරාගැනීමේ නිරත සංවිධානාත්මක කණ්ඩායමකට අයත් චීන ජාතිකයන් දෙදෙනකු පෙරේදා (0) කොල්ලුපිටිය හෝටලයක රැදී
සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. එම සැකකරුවන් සමඟ ණය කාඩ්පත්වලට දත්ත ඇතුළත් කිරීම් සඳහා යොදා ගන්නා යන්ත්‍රයක්, මුද්‍රණය කිරීමට භාවිත කරන හිස් කාඩ්පත් පහක්, ලැප්ටොප් පරිගණකයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

ජාත්‍යන්තර වශයෙන්
සංවිධානාත්මකව සිදු කෙරෙන මුදල් වංචාවලට සම්බන්ධ විදේශ ජාතිකයන් දෙදෙනකු මෙරටට පැමිණ කොල්ලුපිටිය හෝටලයක නවාතැන් ගෙන සිටින බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙම චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙම සැකකාර චීන ජාතිකයන් දෙදෙනා විදේශගතව සිටින පුද්ගලයන්ගේ ණය කාඩ්පත්වල දත්ත අත්තර්ජාලයෙන් ලබාගෙන ඒවා අධි තාක්ෂණයක් සහිත නවීන උපකරණයෙන් හිස් කාඩ්පත්වලට ඇතුළත් කර මුදල් වංචා කිරීම මොවුන් විසින් සිදුකර ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය. අත්අඩංගුවට ගත් සකකරුවන් දෙදෙනා හා වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

-එම්.සී.පෙරේරා