කොළඹ මහ නගර සභාව රුපියල් ලක්ෂ 2000 ක වියදමක් දරා පැල්පත් වාසී පවුල් සඳහා 2016 වසරේදී ඉදිකරන ලද පැරඩයිස් නිවාස යෝජන ක්‍රමයට අයත් නිවාස 64කින්
නිවාස 42ක් පමණක් එම පැල්පත් වාසීන් අතර බෙදා දී ඉතිරි නිවාස 22 නගර සභාවේ මන්ත්‍රීවරුන් වෙනත් නම්වලින් බෙදා ගෙන ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

භූමියේ පාරම්පාරික පදිංචිකරුවන් අතර අදාළ නිවාස බෙදා දී තිබියදී අඩු ආදායම් ලාභීන් සඳහා යැයි
කියමින් ඉතිරි නිවාස සඳහා ලැයිස්තුවක් සකස් කර ඇතැයි ද පැවසේ.

එම ලැයිස්තුවේ සඳහන් නාම ලේඛනය මේ වන විට පරික්ෂා කර බැලීම සඳහා නගරාධිපතිනිය පුණ්‍ය කොමසාරිස් වෙත යවා ඇතැයි ද දැන ගන්නට තිබේ.

එක් මන්ත්‍රීවරියක විසින් පවුලේ පස් දෙනෙකු සඳහා නිවාස වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පැවසේ.

මේ පිළිබද බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගෙන් කරන ලද විමසීමෙදී අදාළ නිවාස 22 බෙදා දුන් පදනම කුමක් ද යන්න පිළිබඳව නගර සභාවෙන් වාර්තාවක් කැඳවා ඇති බවය. එතෙක් නිවාස බෙදා දීම නතර කර ඇති බවද ඔහු කියා සිටියේය.

-ජයන්ත සමරකෝන්-