පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව ඒ සම්බන්ධයෙන් වගකීම දරන 'හානිපූරණ කාර්යාලය  2019.07.11 දිනට යාවත්කාලීන කරන ලද වන්දි ගෙවීම් සටහනක් පහත පළවේ.

මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 263ක් වන අතර ඒ අතරින් මේ වන විට 201 දෙනෙකු සඳහා වන්දි මුදල් ප්‍රදානය කර තිබේ. ඒ සඳහා රජය විසින් වැය කොට ඇති මුදල රුපියල් 198, 525,000/ කි (මිලියන 198 ක් ). තුවාල ලත් පුද්ගලයන් සංඛ්‍යාව 500ක් වන අතර, ඒ අතරින් 438 දෙනෙකු
සඳහා වන්දි ගෙවා ඇත. ඒ වෙනුවෙන් රජය විසින් රුපියල් 64,287,500/ ක් (මිලියන 64ක් ) වැය කොට ඇත.

මේ අනුව මේදක්වා ගෙවනු ලැබ ඇති මුළු වන්දි ප්‍රමාණය රුපියල් 262,812,500/ කි (මිලියන 262).
මෙයට අමතරව ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත්වූ දේවස්ථාන නැවත ඉදිකිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්‍තික කටයුතු, නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ තරුණ කටයුතු අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 25 ක මුදලක් ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අත්තිකාරම් වශයෙන් නිදහස් කොට ඇත.

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට රුපියල් මිලියන 10ක්ද, මඩකලපුව සියෝන් දේවස්ථානය සඳහ රුපියල් මිලියන 5ක්ද, කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවසථානය සඳහා රුපියල් මිලියන 10ක්ද වශයෙන් එසේ අත්තිකාරම් මුදල් ලබා දී ඇත.