දිවයිනේ ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ දරුවන් 162 දෙනකු එම ගුරුවරුන් සේවය කරන පාසලටම ඇතුළත් කිරීම සඳහා ලිපි පිරීනැමීම ඊයේ  (29) සිදු කෙරිණි.

උතුරු පළාත් ජාතික පාසල් ගුරුවරුන් හැර අනෙකුත් පළාත්වල  ගුරුවරුන් 153කගේ දරුවන් වෙනුවෙන් එම ලිපි නිකුත් කෙරිණ.

ජාතික පාසලක වසර තුනක සේවා
කාලයක් සම්පූර්ණ කළ සියලු ගුරුවරුන්ට කමා සේවය කරන පාසලටම තම දරුවන් ඇතුළත් කර ගැනීමත් අවස්ථාව ලබාදීමට අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබුණි.

ඒ අනුව සුදුසුකම් සපුරන තිබූ ගුරුවරුන්ගේ දරුවන්ට සිය මවුපියන් සේමය කරන පාසලට ඇතුළත්වීමේ
අවස්ථාව ලබාදීම ප්‍රථම වරට ඊයේ (29)  සිදු කෙරිණ.

සුදුසුකම් සපුරන ගුරුවරයා සිටින  පාසල බාලක හෝ බාලිකා වන අවස්ථාවේදි තම දරුවා ඒ හේතුව නිසා ඇතුළත් කර ගැනීමට ගැටලුවක් වන විට එම ගුරුවරයා සේවය කරන පාසලට  අසන්නතම ජාතික පාසලට ඇතුළත් වීමච අවස්ථා සලසා දී තිබේ.

මීට අමතරව 1, 5 සහ 6 ශ්‍රේණිය හැර අමනකුත් අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල පවත්නා පුරප්පාඩු
පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර විනිවිදභාවයකින් යුතුව දරුවන් ඇතුළත්  කිරිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර
ගෙන තිබේ.

-රංජන් කස්තුරි-