මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයක්  බිහිවෙලා නැහැ.උඩරටින් බිහිවන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණී දිසානායක මහතායි. ඒ සිහිනය සැබෑ කර ගන්න මමත් උත්සාහ කරනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් නවීන් දිසානායක මහතා මෙසේද කීය.
එක්සත් ජාතික පක්ෂයට වැඩිපුරම ඡන්දය
තියෙන්නේ උඩරටයි.
හැබැයි උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි මෙතෙක් බිහි වුනේ. ඇතැම් ජනාධිපතිවරු උඩරට දිහා බැලුවේ නැහැ. මගේ තාත්තාට උඩරටින් ජනාධිපති වෙන්න තිබුණා. ඒක බැරිවුණා. ඒ
සිහිනය සැබෑ කර ගත්ත මම උත්සාහ කරනවා හැබැයි ඉතින් ඒකට තව අවුරුදු දහයක්වත් ගතවේවි.

කොත්මලේ නියම්දොර  විහාරස්ථානයේදී කුඩා තේවතු හිමියන්ට පාංශු රක්ෂණය සඳහා ආධාර ලබාදීමේ උත්සවය පැවැති අතර එහිදී එක් කුඩා තේ වතු හිමියකුට රුපියල් 10,000 බැගින් දහසකට එම ආධාර පිරිනැමිණි.

-රංජන් කස්තුරි-