බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනා යටතේ පෙරේදා (8) ටෙලිනාට්‍ය නළුවකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.

නළුවාගේ නිවස
ආසන්නයේ පිහිටි නිවසක සිටි වයස අවුරුදු 14ක පමණ දැරියන් සමග හාදකමක් පවත්වාගෙන යමින් සිටියදී දැරිය නළුවාගේ නිවසට කැඳවාගෙන ගොස් අතවර කර ඇති බවට දැරියගේ මව්පියන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව දහ අට හැවිරිදි සැකකාර නළුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රසිද්ධ සිනමාපටයක මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකද මෙම සැකකාර නළුවා රඟපා ඇති බවද පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

පාසල් වියේ පසුවන දැරිය රවටා ඇය සමඟ යාළු වී නිවසේ කිසිවෙක් නැති අවස්ථාවේ දී දැරියට මෙම අතවරය කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අම්බලන්තොව් පොලිසිය කියයි.

(අම්බලන්තොට. සනත් ගමගේ)