https://www.gossiplankanews.com/2019/06/viraj-perera-speaks.html#more
මියුසික් වීඩියෝ විශාල ප්‍රමාණයක හා ටෙලි නාට්‍ය කිහිපයකින් අපට දැකගත හැකි නව පරපුරේ රංගන ශිල්පී විරාජ් පෙරේරා පසුගියදා අප සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සටහනක් පහත දැක්වේ.‍

මේ ෆීල්ඩ් එකට ආපු විදිය හා දැන් ඇවිත් කොච්චර කාලයක් වෙනවාද කියන්න
filed එකට ආවේ දැන් අවුරුදු 6කට විතර කලින්.
ආපු විදිය කිව්වොත් ඉතිං මහන්සියෙන් තමයි ආවේ..උදව් කරපු අය ගොඩක් ඉන්නවා. music video පැත්ත ගත්තම ලහිරු මුදලිගේ සහ එරන්ද වනිගසේකර තමයි මාව ක්ෂේත්‍රයට ගෙන්නේ.ඉතිං සමාන්‍ය විදියට වැඩ ටික කරන් ඉන්නවා.

family එක ගැන පොඩි විස්තරයක්?
 මමයි මගේ බිරිඳයි බාබාලා දෙන්නයි.මගේ බිරිඳ නර්තන ගුරුවරියක්. විශේෂවේදී උපාධියක් අරගෙන ඉන්නේ. එයා ඊට කලින් චන්න උපුලි ආයතනයේ තමයි නැටුම් කලේ. එතනත් අවුරුදු 8ක් 10ක් විතර හිටියා. දැන් එයා ගලහ බද්‍රාවතී පාසලේ උසස් පෙළ වලට dancing teacher කෙනෙක් විදියට වැඩ කටයුතු කරනවා. ඉතිං ඒ කට්ටිය නුවර ඉන්නවා මම කොළඹ ඉන්නවා.

රංගන ක්ෂේත්‍රෙය් සිටින බොහෝදෙනා ඉක්මනින්ම වෙන් වීමට හේතුව විදියට ඔබ   දකින්නේ?
එකට හේතුව එකක් කියලා කියන්න බැ. ගොඩක් වේලාවට ඒ කාලේ ගැලපුනාට මේ කාලේ ගැලපෙන්නේ නෑ කියලා හිතෙන්න පුළුවන්. තවත් අය ජිවිතේට හම්බවුණා කියලා හිතන්නත් පුළුවන්. අදහස් උදහස් සහ ක්ෂේත්‍රෙය් වැඩත් එක්ක ගැලපෙන්නේ නෑ කියලා හිතෙන්නත් පුළුවන්.එකිනෙකාට ඒ අත්දැකීම වෙනස් සිතෙන දේවල් වෙනස්. ඒක මට හරියට කියන්න අමාරුයි.


ලංකාවේ සමාජ මාධ්‍ය ගැන මොකද හිතන්නේ?
socail media ගොඩක් බලවත්. socail media මේ දවස් වල channel වලට වඩා බලවත්. තව ටික දවසක් වෙද්දී tv channel බලන්නේ නැති තත්වයක් එයි මොකද එ තරමට socail media බලවත්.දේශපාලනය ගැන කතා කරනවා නෙමෙයි නමුත් ආණ්ඩුව පෙරලුනෙත් socail media හරහා අපි හිතුවේ නැති වුනාට. වැඩි පිරිසක් භාවිතා කරන්නේ socail media. පාසකු ඉරිදා බෝම්බ පිපිරීමත් එක්ක whtssapp,viber සියල්ල නවතිනවා. socail media blockකරනවා. වරින්වර government එක block කරනවා. channel එකට ගිහින් අපේ නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට song එකක් දාගන්න බෑනේ. එහෙම කාලයක් තිබුනා. අපි එක හදන්න උත්සහා කරනවා. එහෙම වෙද්දී ඒ අය ඒ අයගේ තම තමන්ගේ socail media වලින් ඒ සින්දු දාගත්තා.ඉරාජ් එකට හොඳම උදාහරණයක්.හොඳ වැඩකාරයෙක්.සරල වශයෙන් කියනවානම් එයාගේ songs වෙන channel වලට ගියේ නෑ.මම හිතනවා ඒ නිසා එයා socail media පැත්තෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා.

Gossip වලට කැමතිද‍?
gossip මැවෙනවානම් හොඳයි.කැමති නෑ කියලා කියන්නත් බැ.ජනප්‍රිය වීමට gossip හොඳයි. නමුත් අපිට සංස්කෘතියක් තියෙනවා අපිට කියලා හැදියාවක් තියෙනවා. හොඳින් හිටියොත් gossip නැතිවෙයි. හැබැයි ඉතිං හොඳින් හිටියාත් gossip තියෙන රටක අපි ඉන්නේ.

මේ දවස්වල මොනවද ඔයාගේ අලුත් විස්තර?
මේ දවස් වල අලුත් විස්තර කරපු නාට්‍ය දෙකක් ඉවර වුනා. එකක් සිල්ලර සමනල්ලු සහ නිල පබළු.අලුත් නාට්‍යක් එන්න තියෙනවා. සුද්දි ත්‍රිශුලදීප තඹවිට අයියාගේ.ඊට අමතරව මම මේ දවස් වල වැඩසටහන් ඉදිරිපත් කරනවා ස්වර්ණවාහිනියේ.

මේ ක්ෂේත්‍රය තුල එයාට ඊර්ෂ්‍යා කරන අය ඉන්නවාද?
මම සරලව හිතනදේ අපිට තව කෙනෙක්ගේ දියුණුව දකින්න පුළුවන් නම්  සතුටුවෙන්න පුළුවන් නම් එක තමයි ලොකුම දේ. එහෙම නැතිව තව කෙනෙක්ගේ දියුණුව දැකලා ඒ ගැන ඉරිසියා කරලා ඇත්තටම වැඩක් නෑ. එහෙම ගැටුම් ඇතිවෙන තැන් ඕන තරම් තියෙනවා. ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි අපි රැකියාව කරන තැන්වලත් එවගේ ගැටීම් තිබෙනවා. ඇඟිලි පහ එක වගේ නෑ වගේ විවිධ මිනිසුන් එක්ක වැඩ කිරිමට සිදුවෙනවා. ඉතිං ගැටීම් ඇතිවෙනවා ඉරිසියා ඇති වෙනවා අපි ඒ අයට පව් කියලා හිතමු.


රංගන ක්ෂේත්‍රය ප්‍රමිතිය දැන් නැතිවෙලාද?
ඕව් නැතිවෙලා. ප්‍රමිතිකරණයක් කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. මට මේ ගැන කතා කරන්න තරම් ලොකු දැනුමක් නෑ. මොකද මම තාම ක්ෂ්‍රේතයට නවකයෙක් කියලා තමයි තාම හිතන්නේ. රංගන ශිල්පියෙක් විදියට මම තාම වෙරළවත් පාගලා නෑ. මගේ දැනුම විදියට කතා කරනවා නම් ප්‍රමිතියක් නෑ.නළු නිලියන් වරගීකරණයේ සිටවත් නළු නිලියන් වැඩකට යෝජනා වෙන විදියේ වත් නිවරදිතාවක් නෑ. මම චිත්‍රපට ක්ෂේත්‍රයට තාම ඇවිත් නෑ. නමුත් පෝලිමේ ඉඳලා එන්න ඕනි කියනවා. industry එකක් දියුණු නොවුණු රටක පොළිමකුත් තියෙනවා. ගැටළු සහගත තැන් ඒවා. හොඳ නිර්මාණ telecast කරගන්න බැරුව ඉන්නවා. කුඹියෝ කියන නිර්මාණය ගත්තොත් අතිශය ජනප්‍රිය වෙච්ච නිර්මාණයක් ලංකාවේ. පට්ට වැඩක්.කාලයක් Act කරලා Act නොකරපු අය ආයෙත් රංගනයෙන් දායකත්වය ලබා දුන්නු නිර්මාණයක්. චරිත ගණනාවක් සමඟ බිහිවුණු නිර්මාණයක්. ඒ අය කරපු ඒ නිර්මාණය අවුරුදු 8කට 9කට පස්සෙත් මේ කාලේට ගැලපෙන්න ඒ වැඩේ කරලා තියෙනවා. එතකොට අපිට හිතන්නට වෙනවා දක්ෂයෝ කවුද කියලා. මේ Generation එක දකින අය. එහෙම අය අපි ළඟ ඉන්නවා. නවපරපුරේ අය ඉන්නවා.. දක්ෂ නිර්මාණකරුවෝ ඉන්නවා. අධ්‍යක්ෂකවරු ඉන්නවා. ලංකාවට අපිට මේ වැරදිලා තියෙනවා වගේ මේ ක්ෂේත්‍රයේ උනත් වැරදිලා තියෙනවා. අපි මේ දේවල් කතා කරද්දී කියන්නේ පණ්ඩිතකම කියලා. නමුත් එහෙම කියන්නත් කොන්දක් තියෙන්න ඕනී. මට නම් කොන්ද තියෙනවා. මගේ දැනුමේ හැටියට නම් ප්‍රමිතයක් තාම නෑ. කලාකරුවෙක්ටවත් ස්ථාවරභාවයක් නෑ.පස්කු ඉරිදා බෝම්බ පිපිරීමේන් පස්සේ කලාකරුවෝ මොනතරම් අමාරුවෙන්ද ඉන්නේ..සින්දු කියන අයට Musical Shows නෑ..අපිට වැඩ නෑ. මේගා කරපු අය බේරිලා ඉන්නවා. මගේ නම් මේගා දෙකම ඉවර වුනා. Act කරපු අය යම්කිසි මට්ටමකට හරි බේරිලා ඉන්නවා. මම Music Video මාසේට අටක් දහයක් Act කරපු කෙනෙක්. ඒවා ඉතිං රටේ තියෙන ගැටලු. දේශපාලනය සිටම පාලන තන්ත්‍රෙය් සිටම ඇතිවන ගැටලු.

සිනමාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?
තියෙනවා.නමුත් ඉතිං ගන්නේ නෑනේ..Coomerical එකක් Act කරපු කෙනා කැමති Music Video එකක් කරන්න. Music Video එකක් කරපු කෙනා කැමති Teledrama එකක් කරන්න. Artist කෙනෙක්ගේ මුදුන්මල්කඩ තමයි චිත්‍රපට කියන්නේ. පැවැත්මකි ඇතිදේ වියට පිළිගන්නේ චිත්‍රපට. එකටත් Artistලා බෙදිලා ඉන්නවා.

දේශපාලනයට එන්න අදහසක් තියෙනවද?
ඒක හරි විහිලුවක්. ජිවත් වෙන්න විදියක් නැ Artist කෙනෙක්ට. අපේ වාහන වල ලීසිං පවා හිරවෙලා.ගෙවා ගන්න බෑ. වැඩ නෑ. එතකොට දේශපාලනය ගැන හිතන්න පුළුවන්ද? කලාකාරයෝ ගැන මේ ඉන්න පාලන තන්ත්‍රෙය් අය හිතුවද?අපි Act කරොත් තමයි අපිට සල්ලි හම්බෙන්නේ. කලාකරයා කියන්නේ මගේ පෞද්ගලික හැඟීම ස්වභාවධර්මය දෙවියන් වහන්සේ තවත් මනුස්සයෙක්ගේ සතුට උදෙසා නිර්මාණය කරලා තියෙන්නේ.මේවා කනගාටුදායක සිද්ධි. මිනිස්සුන්ගේ හිත්වල දේවල් ගොඩයි. අපි ගාවයි පාලන තන්ත්‍රය වෙනස් කිරිමේ හැකියාව තියෙන්නේ. කිලෝමීටර් 500ක් රට දිග නැ.. කිලෝමීටර් 500ක් මේ රට පළල නැ.ඒ රටනේ මේ අයට දියුණු කරන්න බැරි.


අවසාන වශයෙන් රසික රසිකාවියන්ට මොනවාද කියන්න තියෙන්නේ?
ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ ඒ අයගේ මනසික මට්ටමින් තමයි මම ඉන්නේ හැමදමත්.ප්‍රේක්ෂකයෝ තමයි අපිව මෙහෙම රඳවගෙන ඉන්නේ. ඒ අය නැත්තම් අපිට ඉන්න බෑ.ප්‍රේක්ෂක ජනප්‍රියත්ව වෙනයි  ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය වෙනයි. ලංකාවේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය නම් තමයි වැඩ හම්බවෙන්නේ. නමුත් මම ක්ෂේත්‍රයේ ජනප්‍රිය නැතුව ඇති මම මගේ ආදරණිය ප්‍රේක්ෂකයින් ළඟ ජනප්‍රියයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර මට අනිත් අයට වඩා වැඩියි. මගේ Fan Base එක වැඩියි.ඒ අය හින්දා තමයි මෙහෙම මම ඉන්නේ. එයාලාට මම ආදරෙයි ගොඩක්.

සාකච්ඡා සටහන - ජනනි තරුෂිකා

මීට අමතරව ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
Socail Media තව දියුණු වෙන්න ඕනි.එවගේම එක තවත් බලවත් වෙන එක හොඳයි. අපි මේ රට ගොඩගන්න ඕන.