https://www.gossiplankanews.com/2019/06/tense-situ-kandy.html#more
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලින් කිහිපයක් ඉටු කරමින් මේ වනවිට අසාද් සාලි හා හිස්බුල්ලා යන ආන්ඩුකාරවරු ඉල්ලා අස්වී ඇත.
මෙම ගැටලුවලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් දහස් ගණනක්
පිරිස් අද මහනුවර නගරයට එක්ව තිබුණි.
මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඒකාබද්ධ ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙතද යොමුකර තිබුණි.
එසේම

මේ පිළිබඳව කඩිනමින් කටයුතු නොකර මහජනතාව අතර යම්කිසි නොසන්සුන්තාවක් ඇතිවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත් එම ලිපියේ දැක්වෙයි.
තවද රතන හිමිට සහය පළ කරමින් කළුතරින් සහ අළුත්ගමන් ආරම්භ වන මගී බස් රථ ධාවනයද අත්හිටුවා ඇති බවත් මේ වන විට මාතලේ නගරයේද කඩසාප්පු වසාදමමින් රතන හිමිට සහය දැක්වීමට ජනතාව තීරණය කර ඇති අතර අද පෙරවරු 12.00 පසු ගම්පොළ නගරයේ සිට ආරම්භ කරනු ලබන බස් රථ සියල්ල ධාවනය නතර කර ඇත.