බදු වංචා කරන විශාල පිරිසක් රට තුළ ඉන්නවා. ඒ අය ගැන තොරතුරු සපයන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලනවා. ඒ තොරතුරු සපයන්නන් අපි හෙළිදරව් කරන්නේ නෑ. තොරතුරු අනුව බදු වංචා
කරන අය කොටුකරගෙන
ඔවුන්ගෙන් අයකරන අතිරේක බද්දෙන් 10%ක් අපිට තොරතුරු ලබාදෙන අයට පරිත්‍යාග කරනවා යැයිද ගුරුගේ මහතා කීවේය.


නව දේශීය ආදායම් පනත අනුව බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව රුපියල් දස ලක්ෂ්‍යයක දඩයක් හෝ වසරක සිර දඩුවමක් නියම කිරීමට හැකියාව තිබෙන බව දේශීය ආදායම් කොමසාරිස් නදුන් ගුරුගේ මහතා සඳහන් කරයි.