අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුවක් කෝට්ටේ
කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාරිලිමේන්තු පරිශ්‍රයේදී පෙරේදා (25) සවස විවෘත කෙරුණි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීම මත ඉදිකෙරුණු මෙම පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපාන ධම්මාලංකාර, අමරපුර මහා සංඝ සභාවේ උත්තරිතර මහා නායක කොටුගොඩ ධම්මාවාස යන මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න යන මහත්වරුන්ද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය, නීතිඥ රවී ජයවර්ධන, සර්වෝදය නායක අවාර්යය ඒ.ටී. ආරියරත්න යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්ද සහභාගී වූහ.


-ජයකාන්ත ලියනගේ-