සෙලිසියස් අංශක 40 ඉක්මවා අධික උෂ්ණත්වයක් මේ දිනවල යුරෝපයේ
රටවල් ගණනකාවකින් වාර්තා වෙයි.
ජර්මනිය , පෝලන්තය , චෙක් ජනරජය, රටවල වැඩිම උෂ්ණත්වයක් වාර්තාවී තිබෙන අතර ප්‍රංශය , ස්විට්සර්ලන්තය පවා උෂ්ණත්වය ඉහළ ගොස් ඇත.
මීට පෙර මෙවැනි අධික උෂ්ණත්වයක් මීට වසර 16 නට 2003 වසරේදී වාර්තාවූ අතර ප්‍රංශයේ 15000ක් පුද්ගලයින්ගේ මිය යාමට එය හේතුවිය.
දේශගුණික විපර්යාස සහ උතුරු අප්‍රිකාවේ සිට පැමිණෙන වායු ධාරා හේතුවෙන් යුරෝපයට මෙලෙස
උෂ්ණත්වය වැඩි වන්නට හේතු වී ඇති බව පරිසරවේදීන් සදහන් කර තිබේ.
මෙම උෂ්ණත්වය ගැන ප්‍රවේසම්කාරී වන ලෙස දන්වා ඇති අතර ලැව් ගිනි අවදානමට සූදානම් වන ආකාරය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන්ද මෙහ් දිනවල ප්‍රචලිත කර තිබේ.