https://www.gossiplankanews.com/2019/06/shanon-story.html
සුගියදා කොච්චිකඩේ පල්ලියේ සිදුවූ බිහිසුණු බෝම්බ ප්‍රහාරය නිසා මව මිය ගොස් පියා තුවාල ලබා සිටි ඩැරන් ෂැනොන් දරුවා ගැන විශේෂ අවධානයක් යොමු වූයේ
සිද්ධියෙන් පසු පළමු දේව මෙහෙයට ඔහු මුහුණේ පිළිස්සුම් තුවාල සමග පැමිණි නිසයි.
මේ වනවිට මාමාගේ නිවසේ නතරවී සිටින ඔහු පාස්ක්‍ර ප්‍රහාරයෙන් පසුව මුල්වරට සිය පාසලට ගියේ ඊයේය.
පුද්ගලික පාසලක්වූ එහි ඔහුව තම යහළු යෙහෙළියන් ගුරුතුමිය විදුහල්පතිතුමන් හරසරින් පිළිගත් ආකාරය නෙතට කඳුළක්

එක් කරවන දසුනක් විය. ඔවුන් ඔහු වෙනුවෙන් සංග්‍රහයක්ද සූදානම් කර ෂැනොන්ගේ දිරිය වඩවන වැකි සහිත සටහන් පත්‍රද ත්‍යාග කර තිබුණි.
ෂැනොන්ට තවමත් ඒ සිදුවීම කම්පනයක් ඇති කර තිබේ. තමා මව සමග සිටියදී කරන්ට් එකක් වැදී විසිවුණා වැනි හැඟිමක් ඇතිවූ ව සිද්ධිය විස්තර කරමින් ෂැනොන් පවසා ඇත.