ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ කුසල් පෙරේරා ක්‍රීඩාකරන ස්ථානය ගැටලු සහගත බව පවසමින්
ප්‍රවීණ ක්‍රීඩක කුමාර් සංගක්කාර පුවත්පත් වෙත ලිපියක් යොමු කර තිබේ.
ඔහුගේ ලිපිය පහත පරිදිය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය
මෙවර ආරම්භ වුයේ සත්කාරක එංගලන්ත කණ්ඩාම ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ ක්‍රිකට් විශාරදයන් අනුමාන කරන ලද පරිසරය සිටය. මෙවර ලෝක කුසලාස ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි මා විසින් අනුමාන කරන ලැයිස්තුවේ සිටින ඉහළම කන්ඩායම් හතරෙන් එකක් වන ද වන එංගලන්තය එම ස්ථානයේ  සිටින්නේ කවර හේතුවක් නිසාද යන්න දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රදර්ශනය කළ අතිදක්ෂ ක්‍රීඩා රටාවෙන්  දැකගත හැකිවිය.

දකුණු අප්‍රිකාව යනු දුර්වල කණ්ඩායමක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම , තරග ජයග්‍රහණය කිරීමට හැකියාවක් තියෙන නියම ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නවා. එහෙත් මේ ලෝක කුසලාන තරගාවලියේ සිටින සමහර කණ්ඩායම් අති දක්ෂ කණ්ඩායම් කණ්ඩායමේ සෑම ස්ථානයක්ම උපරිම දක්ෂතාවයන් දක්වන ඉහළම පෙළේ තුන් ඉරියව්වෙන් අංග සම්පූර්ණ ක්‍රීඩකයන්  සන්නද්ධ නැති

ඕනෑම කණ්ඩායමකට එම කණ්ඩායම් දැඩි අභියෝගයක් වෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මගේ හදවත ටිකක් විතර කලබලයි. සාමුහික උත්සහයකින් යුතුව අපේ කණ්ඩායම ශක්තියක් ගොඩ නගා ගනු ඇතැයි මා ප්‍රාර්ථනා කරනවා. ඒත් මේ තරගාවලිය ආරම්භයේදී ඉහළම දක්ෂතා දක්වනු ඇතැයි මට අපේක්ෂා කළ හැකි කණ්ඩායම් හතර වන්නේ එංගලන්තය , ඉන්දියාව , ඔස්ට්‍රේලියාව  හා නවසීලන්තය හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පමණයි.

කොදෙව්වන් ක්‍රීඩා කරන විලාශය අපි සිකුරාදා දැක්කා. ඔවුන් ආරම්භ කළේ ඔවුන්ගේ වේග පන්දු යවන්න්ගේ අධික වේගය ආක්‍රණයෙන් යුත් සිත් ඇදගන්නා ක්‍රීඩාවකින්. ඔන්ඩ්‍රි රසල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී නැවත වතාවක් ඔවුන් සමඟ එක්ව සිටින අයුරු දැක ගැනීමට හැකි විමත් සතුටට කරුණක්. ඔහු සම්පූර්ණ ශරීර යෝග්‍යාතාවෙන් සිටියොත් මේ ලෝක කුසලාන තරගාවලිය  පිත්තෙන් හා  පන්දුවෙන් ආලෝකවත් කිරීමේ හැකියාව ඔහු සතුව තිබේ.

ශ්‍රී ලංකාව ඔවුන්ගේ පෙරහුරු තරගවලදී ප්‍රදර්ශනය කරනු ලැබුවේ සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවක්. එය නරක නොවුණත් දැන් තියෙන එක්දින තරග රටාව අනුව හොඳ ක්‍රීඩා විලාසයක් නම් නෙවෙයි.

ඔවුන්ගේ පිතිකරණයේ ස්ථිරබවක් පෙනෙන්නට  තිබුණා. විශේෂයෙන්  දිමුතු ( කරුණාරත්න ) ලකුණු ලබා ගන්නා අයුරු දැක ගැනීමට ලැබීම සකුට ගෙන දෙන කරුණක් වුණා. මෑත අතීතයේ ඉතාමත් අඩු ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් පළපුරුදක් තිබෙන නව නායකයෙක් වශයෙන් ඔහු ආරම්භයේ දී පිත්තෙන් පෙරමුණ ගත්තා වගේ පන්දු රකින් අවස්ථාවන්වලදීත් පෙරමුණ ගනිමින් උපායශීලීව සහ කඩිසර විය යුතු වීම අවශ්‍ය වෙනවා
කුසල් මෙන්ඩිස් , ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා කියන්නේ බලාපොරොත්තු  තැබිය ඉනිම ක්‍රීඩා කරල තියෙන ක්‍රීඩකයන්. පාලනයක් සහිත ඇත්ම විශ්වාසක් ඉසුරු උදානගෙන් දිස්ව  තිබෙන අතර නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් යන දෙදෙනාම නව පන්දුවෙන් භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි ක්‍රීඩකයන් බවට පත්ව සිටිනවා.
 ලොකුම හිසරදයක් ලෙසින් මම දකින්නේ කුසල් පෙරේරා පන්දුවට පහර දීමට පැමිණෙන අංක 3 ස්ථානයයි. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ කුසල් පෙරේරා අංක තුන ස්ථානයේ ක්‍රීඩා නොකළ යුතුය යන්නයි.

එංගලන්තය වෙනුවෙන් අංක 5 ස්ථානයෙන් පැමිණ තරගයේ ස්වභාවය අනුව ක්‍රීඩා කරන ජොස් බට්ලර් වගේ කුසලුත් අංක 5 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිවිසෙනු දැකීමට මා වඩාත් ප්‍රිය කරනවා. කණ්ඩායමක් තුළ උවමනාවට  වැඩියෙන් කිසිවක් කපා කොටා වෙනස් කළ නොහැකිවාසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය මේ කරුණ පිළිබඳව ඉක්මන් තීරණයකට පිවිසීමට අවශ්‍යයි.
අපේ කණ්ඩායමේ සැලකිලිමත් විය යුතු තවත් අංශයක් වනුවේ දඟ පන්දු යැවීමයි. ජීවන් මෙන්ඩිස්ගේ ස්ථාවරබවක් දිස්ව තිබෙන නමුදු ජෙෆ්රි වැන්ඩයේ කළමනාකාරීත්වය බලාපොරොත්තු වන දක්ෂතා අහලකටවත් පැමිණිලා නැහැ. මෙය දැඩි කණස්සල්ල

දනවන කාරණාවක් බවට පත්වන්නේ වර්තමාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී වේගයෙන් පන්දුවට පඑර දිය හැකි පිතිකරුවන් නතර කළ හැකි එක ක්‍රමයක් වන්නේ දඟ පන්දු යවන්නන්  විසින්  පිතිකරුවන් දවා ගැනීමට සමත් වීම නිසයි. ඒ නිසා දඟ පන්දු යවන්නන් ඒ කාර්යය ඉටු කළ යුතුයි.

අවාසනාවකට වගේ මේ  තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී අපි ඉතාමත් දුර්වල ක්‍රීඩා  විලාශයක් පෙන්නුම් කළා. අධිෂ්ඨානශීලී ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කළ දිමුත් හැරුණු විට  අපේ පන්දුවට පහර දුන් අනෙක් පිතිකරුවන්ගේ විලාශය ගැන මා ඉතාමත් කලකිරීමට පත් වුණා.

ඒ වගේම නවසීලන්තය තරගය සඳහා හොඳින් සංවිධානය වී සිටන බවත් ඔවුන්ගේ පන්දු ප්‍රහාරය ශක්තිමත් බවත් අප දැන සිටියා. නමුත් මීට වඩා හොදින් පන්දුවට පහර දීලා ලකුණු 250කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් කරා යාවී කියල මං හිතුවේ.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය ජයගත්තත් බංගලාදේශය සමග තරගය ඇතුළුව ඉතිරි තරග සියල් අපිට ලේසි වෙන්නේ නැහැ. බංගලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය ඉරිදා ඔව්ල් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී අපූරු ක්‍රීඩාවක නිරත වුණා. ඔවුන් දැන් ඉතාමත් තැන්පත් හා පළපුරුදු කන්ඩායමක් බවට පත්ව සිටිනවා.

මෙතනදී වැදගත් වන්නේ කණ්ඩායමක් විදිහට  නැවත එකමුතු වී තරගයෙන් තරගයට සැලසුම් සකස් කරගෙන යෑමයි.  ඊළඟ තරගයේ දී තරගයේ දී ජයග්‍රහණයක් අත්කර ගත්තොත් අපේ විශ්වාසය ගොඩනගා ගන්න එය අපිට ගොඩක් උපකාර වේවි.

ඉන්දියාව අසාමාන්‍ය ලෙසින් ශක්තිමත්ව සහ හොඳින් සමබරව සිටින කණ්ඩායමක්.  ඔවුන්ගේ ලොකුම වාසිය වී තිබෙන්නේ ජස්ප්‍රිට් බුමිරාගේ මෙහෙයවීමෙන් යුත් වේග පන්දු බල ඇණියයි. අද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිටන හොදම වේග පන්දු යවන්නා බුමිරා යි.  හර්දික් පාන්ඩ්‍යාගේ වේගය , පන්දු දෝලනය සහ  තුන් ඉරියවේ හැකියාවද ඔවුන්ට ආශිර්වාදයක් වී  තිබෙනවා.

පළමු පෙරහුරු තරගය හැරෙන්නට ඔවුන්ගේ පිතිහරඹය විශිෂ්ට පළපුරුද්දෙක් ශක්තිමත්ව තිබෙනවා. මහේන්ද්‍ර සිං ද්‍රෝනි හා කේ. එල් රාහුල් ඇතුළු සියළු දෙනාම ඒ සඳහා දායක වී තිබෙනවා.
ප්‍රතිවාදී කණ්ඩායමක් විසින් පැහැදිලිවම  රෝහිත් ෂර්මාව සහ විරාට්ව ( කෝලි)  දවා ගැනීම සඳහා  ප්‍රධාන සැලසුම් සකසාවි. එතැනදී විරාට් ( කෝලි ) එරෙහිව ඔවුන් ස්ලිප් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා “ ගලී “ ක්‍රීඩකයෙකු යෙදවා ගෙන පිට ඉන්නට මදක් ඈතින් පන්දු යවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මොකද පන්දුවට පහර දීමේ දී ඒ අංශයෙන් පොඩි දුර්වලතාවයක් කෝලිගෙන් ප්‍රදර්ශනය වී තිබෙන නිසා. ඒත් කෝලි ඉතාමත් දක්ෂ හා  නුවණක්කාර    පිතිකරුවෙක්. මේ කරුණු නිසා ඔහු මේ තත්ත්වයට සුදුසු වනසේ සකස් වී ශක්තිමත්ව සිටීවි.

- කුමාරසංගක්කාර -