
ලද වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා දැනට සුවය ලබමින් සිටින මාවනැල්ල මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් මහතා ඊයේ (6) පැවැසීය.
පසුගිය දෙසැම්බර් 26 වැනිදා මාවනැල්ල දෙල්ගහගොඩ ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් අයකු අත්අඩංගුවට ගත් අතර තවත් අයකු පැන ගොස් තිබිණි. මෙම සිද්ධියට සම්බන්ධ පිරිස ගැන පොලිසියට ඔත්තු දෙන්නැයි කියමින් මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් මහතාට වෙඩි තබා තිබුනේ ඔහු නිවසේ නිදා සිටියදීය.
එහිදී ඔහුගේ හිසට බරපතළ හානි සිදුවී තිබු අතර ඔහු මහනුවර රෝහලේදී ප්‍රතිකාර ලැබීමෙන් පසු මේ වන විට ඔහුගේ තත්වය තරමක් සුව අතට හැරී ඇත. කතා කිරීමට පවා අපහසුවී සිටි ඔහු මේ වනවිට කතා කළ හැකි තත්වයට පත්ව සිටී.ඔහුගෙන් සිදුකළ විමසීම් නිසා ඊට ලැබුණු පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය: මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය පිටුපස සහරාන් සිටින බව ඔබ දැන ගෙන සිටියාද?
පිළිතුර:: ඔව්.
ප්‍ර: ඒ ගැන ඔබ මුලින්ම කීව්වේ කාටද?
පි: මා මුලින්ම මගේ ඇමැතිතුමාට කීවා. ඔහු කීවා වහාම ආරක්ෂික අංශ දැනුවත් කරන්න කියා.
ප්‍ර: ඒ කියන්නේ කබීර් හෂීම් ඇමැතිතුමාද?
පී :ඔව්. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට දවසින් දවස එක එක්කෙනා අත්අඩංගුට ගත්තා. ඒ හැමගෙන්ම කට උත්තර ගත්තා. ඒ කටඋත්තරවල තිබුණේ සාහිත් හා සාදික් ගැන. ඒ දෙදෙනාගේ මෙහෙයවීමෙන් තමා බුදු පිළිම කැඩීම කළේ කියා එම කටඋත්තරවල සඳහන් වුණා. සහරාන් මෙම සිද්ධිය පිටුපස ඉන්න බව මා ඒ වේලාවේ දැනගත්තා.
ප්‍ර. බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර ඔබ හඳුනන අයත් සිටියාද
පි: ඔව්. මා ඒ අයගෙන් ඇහුවා ඇයි එහෙම කළේ කියලා.
ප්‍ර: කාගෙන්ද ඇහුවේ
පි: මා සාදික්ගෙන් ඇහුවා. ඔබලා නොදැනුවත්ව කරන්නේ රට විනාශයක් කියා මා ඔවුනට කීවා සාදික් ඒ වෙලාවේ කිවා මේක තමා ආගමේ ප්‍රධාන දේ කියලා.
ප්‍ර: බුදු පිළිම කැඩීමේ සිද්ධියට සාහිත් හා සාදික් සම්බන්ධ බවට ඔබ මුලින්ම ඔත්තුව දුන්නේ කවදාද?
පි: පෙබරවාරි මාසයේ
පි: කොළඹින් ආ අයි.පී. මාරසිංහ මහතාගේ කණ්ඩායමට.
ප්‍ර: ඊට පස්සේ මොකද වුණේ
පි: ඒ දෙන්නා ගැන සොයන්න කියා ඇමැතිතුමාත් කීවා.
ප්‍ර: පොලිසිය මොකද කීවේ
පි :සොයන බව පොලිසියෙන් කීවා
ප්‍ර: ඔත්තුව දුන්නාට පස්සේ පොලිසිය ක්‍රියාත්මක වුණාද
පි: එහෙම වුණේ නැහැ. එහෙම ක්‍රියාත්මක වුණා නම් 21 වැනි දා ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා. මෙම සිද්ධියෙන් පසු මට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ, මට ජීවත් වෙන්නෙ උදව් කරන්න.

