සහරාන්ගේ සහෝදරයා ඇතුළු ඥාතී පිරිසකගේ සිරුරු නැවත ගොඩගනී

අම්පාර සයින්දමර්දු ගම්මනායේදි පුපුරුවා ගැනීමකින් දිවි හානි කරගත් පිරිසගේ සිරුරු නැවත ගොඩ ගැනිම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදි අද (07) සිදු කළේය.
පාස්කුදා ප්‍රහාරයේ මහමොළකරු වන බෝම්බ පුපුරුවාගැනීමකින් මිය ගිය සහරාන්ගේ සහෝදරයා ඇතුළු ඥාතී වන පිරිසකගේ සිරුර 4 ක් මෙසේ ගොඩගෙන තිබේ.
කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ මෙම ගොඩ ගැනිම සිදු කෙරිණි.
අම්පාර හිටපු අධිකරණ වෛද්‍ය නිළධාරි රුචිර නදීර මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සාම්පල් නැවත සිදු කෙරේ.
