https://www.gossiplankanews.com/2019/06/hemasiri-fernando-sec-speaks.html#more
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (6) පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කියා සිටියේ තමන්ගේ ලේකම් ධූරය ගෝඨාභයට තිබූ ආකාරයේ එකක් නොවූ බවත් සතියකට වරක් හෝ ආරක්‍ෂක ඇමැතිවූ ජනපති සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලද අසරණ ආරක්‍ෂක ලේකම්වරයෙක් බවට තමන් පත්ව සිටි බවයි
 ඇතැම්විට ලිපිගොනු අත්සන් කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට ගොස්
පැය දෙක තුනක් බලා සිටි බව කීවේය.
ඔහු කියූ සම්පූර්ණ කතාව මෙසේය.

ජයම්පති වික්‍රමරන්ත මහතා
ඔබ ආරක්ෂක ලේකම් වුණාට පසුව ආරක්ෂක මණ්ඩලය කී වතාවක් රැස්වුණා ද?

හේමසිරි ප්‍රනාන්දු මහතා.
හතර වතාවක්.

ජයම්පති වික්‍රමරන්ත මහතා
ආරක්ෂක කමිටුවත් රැස්වුණා ද?

හේමසිරි ප්‍රනාන්දු මහතා
ජනාධිපතිතුමාට ඕනෑම රැස්වීමක් පවත්වන්න පුළුවන්. ජනාධිපති නොයෙකුත් රැස්වීම් කැඳවනවා. ආරක්ෂක මණ්ඩලයේ කැඳවීමට නියෝ දෙන්නෙ ජනපති. මේ රැස්වීම් හතරටම අගමැති හිටියේ නැහැ. නොවැම්බර් 13 පළමු රැස්වීමට පසුව පොලිස්පති සහභාගි වූයේ නැහැ. ආරක්ෂක මණ්ඩල රැස්වීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති සහභාගි වූයේ නැහැ. නිය පත්‍රය හදන්නේ ජාතික බුද්ධි ප්‍රධානියායි.

සුමතිරන් මහතා,
අගමැතිට ආරාධනා කරන්න එපා කිවා ද?


හේමසිරි ප්‍රනාන්දු මහතා.
ඔව්.

ජයම්පති වික්‍රමරත්න මහතා
අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂක මණ්ඩලයට සහභාගි කරගත්තේ නැහැ නේද?

හේමසිරි ප්‍රනාන්දු මහතා.
ඔහු සහභාගි කරගන්න එපා කියලා ජනාධිපති කිව්වා

නලින්ද ජයතිස්ස මහතා
ප්‍රහාරය ගැන තොරතුරු ලැබුනේ කවදාද?

හේමසිරි ප්‍රනාන්දු මහතා.
8 වැනිදා. ඉන්දීය ආරක්ෂක ලේකම් එන නිසා කාර්යබහුල වෙලා හිටිය.8 වනදා සවස ජාතික බුද්ධි ප්‍රධානියා මට මේ තොරතුරු දැනුම් දුන්නා.ඔහු ඉන්නෙ මගේ කාර්යාලයේ. 9 වැනිදා රැස්වීමේ දී සාකච්ඡාවට ගනිමු කියලා මම කිවිවා.

ජයම්පති වික්‍රමරත්න මහතා.
ඉතින් ගත්ත ද?

හේමසිරි ප්‍රනාන්දු මහතා.
නමුත් ජාතික බුද්ධි ප්‍රධානියා ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ.

සරත් ෆොන්සේකා මහතා.
ඔබට ගන්න තිබුණා.

හේමසිරි ප්‍රනාන්දු මහතා,
මම න්‍යාය පත‍්‍රයට බාධා කළේ නැහැ. විදේශ බුද්ධි අංශයේ තොරතුරු එන්නේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාටයි. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සතිපතා බුද්ධි වාර්තාවක් මට එවනවා. විදේශ බුද්ධි වාර්තාව ලැබිලා තියෙන්නේ 4 වැනිදා. නමුත් මට එවපු වාර්තාවල ඒවා තිබුණේ නැහැ. අපට එවපු බුද්ධි අංශ වාර්තා විශ්ලේෂණය කරලා එව්වේ නැහැ.

සරත් ෆොන්සේකා මහතා
මේ බුද්ධි තොරතුරට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ කියන එක පිළිගන්නවා ද?
ත්මසිරි ප්‍රනාන්දු මහතා පිළිගන්නවා.

 ජයම්පති වික්‍රමරත්න මහතා.
ඔබට ලැබෙන බුද්ධි තොරතුරු වාර්තතා කළේ කාට ද?

හේමසිරි ප්‍රනාන්දු මහතා,
එස්.අයි.එස්. වාර්තාව මගේ ළඟ තිබුණා. මම ජනපතිට කිව්වා එතකොට එතුමා කිව්වා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඒක කිව්වා කියලා. බුද්ධි අංශ ප්‍රධානියා හා ජනපති අතර එවැනි සම්බන්ධයක් තිබුණා. අවුරුදු හතරේ දී ඒ විදියට ගනුදෙනු වී තිබුණා. රාජ්‍ය බුද්ධි සේය පොලිස්පතිටත් වාර්තා යවනවා. සමහර වෙලාවට මට එවනවා. නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ.

සරත් ෆොන්සේකා මහතා.
තවුහිත් ජමාත් අන්‍යාගමිකයන්ට හිරිහැර කරන්න යන ඒක ගැන ඔබ දැනුවත් වුණා.
හේන්මසිරි ප්‍රනාන්දු මහතා. ඔවි. දැනුවත්ව හිටියා. රාජිත සේරත්න මහතා. සහරාගේ ප්‍රහාරය ගැන ඔබ කලින් දැනගෙන හිටියා. සිරි ප්‍රනාන්දු මතෘඔව්. මම ඒ තොරතුරු ජාතික බුද්ධි අoශ ප්‍රධානියාට දුන්නා. ඔහු ඉන්නේ මා යටතේයි. බුද්ධි අංශ ප්‍රධානියා ඒක පොලිස්පතිට යැව්වා. සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා අවශ්‍ය දේ ප්‍රමුඛත්වය දුන්නේ නැහැ.

හේමසිරි ප්‍රනාන්දු මහතා
රාජ්‍ය බුද්ධි අංශය හා හමුදා බුද්ධි අංශය අතර සම්බන්ධීකරණයක් තිබුණේ නැහැ. තොරතුරු දෙන්නෙ නැහැ කියලත් හමුදාව පැමිණිලි කළා. තවුහිත් ජමාත් ගැන ඒ කවුන්සිලවල දී කතා කළේ නැහැ. නමුත් මදුෂ් ගැන කතා කළා.

රාපිත ස්තාරන්ත මහතා
 ජනපතිට අදාළ දේ කතා කළා.
(හේමසිරි ප්‍රනාන්දු මහතා සිනාසෙයි).

හේමසිරි ප්‍රනාන්දු මහතා.
ජනපතිතුමාට ඩෝනවලින් එන තර්ජන ගැන කතා කළා. වෙනිසියුලා ජනපති ඝාතන සිද්ධියෙන් පසුව ඒ කතාවලින් මම නම් ලොකු වින්දනයක් නම් ලැබුවා. රාජ්‍ය බුද්ධි අංශයේ ක්‍රමවේදය පාලනය කළේ ජනාධිපති. මට ඒ තත්ත්වය නැහැ. මම සුමානයකට සැරයක්වත් ජනපතිතුමාට කතා කළ නොහැකි අසරණ ලේකම් කෙනෙක්. මට එදා ගෝඨාභය රාජපක්ෂට තිබුණු බලතල තිබුණේ නැහැ.

ජයම්පති වික්‍රමරත්න මහතා,
එහෙම වුණේ ඇයි?


හේමසිරි ප්‍රනාන්දු මහතා.
එතුමාට වෙලාව නැහැ.

ආශු මාරසිංහ මහතා:
ඒ කියන්නේ ජාතික ආරක්ෂාව අනතුරේ තිබුණා.

හේමසිරි ප්‍රනාන්දු මහතා.
ඒක තමයි ඇත්ත. නමුත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා නම් දවසකට හතර වතාවක් ජනපතිට කතා කරන බව මම දන්නවා. මම සිවිල් පරිපාලන නිලධාරියෙක්. අපට බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරන්න බැහැ. හැම බුද්ධි තොරතුරක්ෂි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ජනපතිට කියන බව මම දන්නවා. ඒ ගැන විස්තර මා මාධ්‍ය නැතිව කියන්නම්. තොරතුරු විශ්ලේෂණයට අවශ්‍ය පහසුකම් නිලධාරින්ට තිබුණේ නැහැ. විශ්ලේෂණයට පුහුණුව තිබිය යුතුයි. තොරතුරු බෙදා ගැනීම පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා.
ප්‍රහාරය වුණු දවසේ උදේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මට කතා කරලා කිව්වා ගහන්න යන්නේ කතෝක පල්ලිවලට නොවයි. මෙතෝදිස්ත පලිවලට කියලයි. මම මෙතෝදිස්ත පල්ලි ගැන විස්තර කිව්වා. ඊට පසුව ප්‍රහාරය ගැන මට ආරංචි වුණා. මා ඒ
වෙලාවේ හිටියේ අසනීපයෙන්.

සුමන්තිරන් මහතා:
ඔබතුමා ඇයි ජනපතිට දැනුම් දුන් නැත්තෙ.

හේමසිරි ප්‍රනාන්දු මහතා
දැනුම් දුන්නේ නැහැ. අපට ලැබුණු තොරතුරු පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. මම හිතුවා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ජනපතිට දැනුම් දෙන්න ඇති කියලා.

සුමන්තිරන් මහතා
අගමැතිට දැනුම් දෙන්න හිතුවේ නැද්ද?

හේමසිරි ප්‍රනාන්දු මහතා
නැහැ.

ආශු මාරසිංහ මහතා
ආරක්ෂක මණ්ඩල රැස්වීමට මන්ත්‍රීවරුන් සහභාගි වුණා ද?

හේමසිරි ප්‍රනාන්දු මහතා
සහභාගි වුණා. මගේ මතකය විදියට තිලංග සුමතිපාල, දයාසිරි ජයසේස්කර, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන්..

සුමස්තිරන් මහතා.
ඇයි ඔබ ඉල්ලා අස්වුණේ?

හේමසිරිප්‍රනාන්දු මහතා
පොලිස්පතිට වරද පටවනවා නම් මට මේ තනතුර් ඉන්න බැහැ. ජනපති මට අස්වෙන්න කිව්වේ නැහැ. ජනපති කිවිවා ඔහුට වගකීම ගන්න බැහැ කියලා. පොලිසියෙන් වරදක් වුණා නම් පොලිසිය බාර ලේකම්වරයා විදියට මට ඉන්න බැහැ. මම හැම තැනම සාර්ථකව වැඩ කළා. නමුත් මේ තත්ත්වය නිසා මා සියයට 50 කින් අසාර්ථක වුණා.

සුමන්තිරන් මහතා,
 අන්තිම වගකීම ගත යුත්තේ ජනාධිපතිතුමා

හේමසිරි ප්‍රනාන්දු මහතා.
මට එහෙම කියන්න බැහැ. නමුත් සියලු දෙනාටම සාමූහික වගකීමක් තිබුණා. ඉල්ලා අස්වීම සුදුසු යැයි මට හිතුණා. ඒ ඉස්ලා අස්වීම මගේ තීන්දුවක්. මට ජනපති මොනවාවත් දෙනවා කිව්වේ නැහැ. මම ඉල්ලා අස්වෙනවා කිව්වම එතුමා ගොඩක් සතුටු වුණා.
සංවේදී තොරතුරු ජනපති සමග කතා කරන්න අවස්ථාව තිබුණේ නැහැ.