අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සළකා බැලීම ජූලි මස 31 වනදා දක්වා කල් දැමුණා.

ඒ, මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන,
එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

අද පෙරවරුවේ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දරද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටි බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

තමා අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී යැයි පවසා පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මැයි මස 29 වන දායි.

ඒ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින්.