ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කාර්යයන් සඳහා ජපාන් ''යෙන්'' බිලියනයක ප්‍රදානයක් ලබාදීමට කටයුතු කරන බවට ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුම් (Dr, Hiroto IZUMI) මහතා ප්‍රකාශ කර තිබීම  ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේදී පසුගියදා (21දා) පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරය පාරම්පරීක උරුමය ආරක්ෂා වන පරිදි නවීකරණය කළ ආකාරයටම ඓතිහාසික මහනුවර නගරයද පුළුල් කිරීමේ සැලසුම් සකස් කිරීමට ජපානයේ සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව මූලිකව දියත් කර තිබිණි.‍

 ඒ අනුව ත්‍රිකුණාමලය
වරාය සංවර්ධනය මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක බණඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය, එල්.එන්.ජී. විදුලි බලාගාරය හා කොළඹ සැහැල්ලු දුම්රිය සේවය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරුව ඇති අතර, ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපයන්හි නිදහස් නාවුක ගමනාගමනය හා සාමය තහවුරු කරලීම පිළිබඳවද අවධානය යොමුකර තිබිණි.

 ආචාර්ය හිරානො ඉසුමි මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගය පුදකිරීම සදහා ජපානය සෑම විටම සුදානමින් සිටින බවයි.

මෙම අවස්ථාවට ජපාන කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ගුණාත්මක යටිතල පහසුකම් ආයෝජන ප්‍රවර්ධන පිළිබඳ ආර්ථික සහයෝගිතා තානාපති කියමා (Mr. Shigeru KIYAMA), ජපන් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් හා විශේෂ උපදේශක තකාෂි ෂිබාටා (Mr.Takashi SHIBATA), මුදල් අමාත්‍යාංශයේ
ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂි යුචි ඔබා (Mr. Yunchi OBA), වරාය සහ වරාය කාර්යාංශයේ කර්මාන්ත හා වරාය ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂ සට ඔසුමි (Mr. Satoru UOZUMI), Olomoo ව්‍යාපෘති, යටිතල පහසුකම් සහ ජල කර්මාන්ත ප්‍රවර්ධන අධ්‍යක්ෂ තකාෂි  (Mr. Takashi YOSHIOKA), විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ සැලසුම් II ජිනිචි කාඩොවොකි (Mr. jinichi KADONAKI) , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (H.E Mr Akira. SUGIYAMA), පළමු ලේකම් චිහාරු (Ms.Chiharu HOSHIAI), ශ්‍රී ලංකාවේ ජයිකා (JICA) ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ තනාකා (Mr. Fusato TANAKA)යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් ජපාන පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගි වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යක්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මාර්ග සංවර්ධන හා බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, මුදල් අමාත්‍ය මංගල සමරවීර, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු එක්වූහ.